වර්තමානයේ උදාවී ඇති තත්ත්වය මත ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජික නලින් අබේසේකර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදු කළේය.
මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අංශ වලින් කොළ එළියක් ප්‍රකාශයට පත්වන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බව සදහන් කළ මැතිවරණ කොමිසම වෙනුවෙන් පිටි පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අවශ්‍ය වලින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු විගස ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද අධිකරණයට දන්වා සිටියේය.
මෙම දැනුම් දීමෙන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේ තම සේවාදායකයා ඉල්ලා සිටින සහනය මේ වන විටත් හිමි වී ඇති නිසා එම පෙත්සම ඉදිරියට පවත්වාගෙන නොයන බවයි.
සෙසු පෙත්සම් පිළිබඳ විභාගය පැවැත්වෙයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත්වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...