දේශීය පුවත්

අම්ෆන් සුලි කුණාටුව නිසා මධ්‍යම කඳුකරයට හා දිස්ත්‍රික්ක රැසකට ඇදහැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට ජලවිදුලි බලය උත්පාදනය කෙරෙන ජලාශ රැසක ජලමට්ටම ඉහළ ගොස් තිබෙන බව විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජලවිදුලිබලය උත්පාදනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයෙන් කරන ලද විමසීමක් අනුව ඊයේ(19) පස්වරුව වනවිට විදුලිබල උත්පාදනය කෙරෙන ජලාශවල තත්ත්වය පිළිබඳව වාර්තාවක් අමාත්‍යවරයාට ලබා දී ඇත.

පසුගිය දිනවල පැවැති වියළි කාලගුණික තත්ත්වය නිසා ජලවිදුලිය උත්පාදනය සියයට 15-20ත් අතර මට්ටමකට පහත වැටිනි.

ඊට හේතුව වුයේ නියගය නිසා ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් පහත වැටී තිබීමයි.

නමුත් ඊයේ දිනය වනවිට නැවතත් ජල විදුලිබල උත්පාදනය සියයට 31.17ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ පස්වරුව වනවිට ජලාශවල පැවැති ජලමට්ටම පහත පරිදි වේ.

කාසල්රී  සියයට 60.9, මාවුස්සාකැලේ සියයට 48, කොත්මලේ සියයට 54, වික්ටෝරියා සියයට 56.2, රන්දෙනිගල සියයට 55.1, සමනලවැව සියයට 65.9 වශයෙන් සමස්ත විදුලිබල උත්පාදනය කෙරෙන ජලාශවල ජල මට්ටම සියයට 55.94ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සියලු ජලාශවල ඊයේ පස්වරුව වනවිට මෙගවොට් 667.9ක් දක්වා  ජල විදුලිය උත්පාදනය කළ හැකි මට්ටමට ජලයෙන් පිරී ගොස් ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඊයේ දිනය වන විට විදුලිබල උත්පාදනය දෙස බලන විට සමස්ත අවශ්‍යතාවයෙන් සියයට 31.17ක් ජලවිදුලිය මගින්ද , සියයට 65.14ක් ගල්අගුරු හා ඩීසල් තාප විදුලිය මගින් ද නිපදවා තිබිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More