විදේශ පුවත්

ගෝලීය වසංගතයෙන් පාඩු ලැබූ ඇමරිකාවේ ප්‍රධාන පෙළේ කුලී රථ සේවාවක් වන ඌබර් සමාගම සිය දෙවැනි සේවක කප්පාදුව කිරීමට සූදානමින් සිටින බව ප්‍රකාශයට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව එම සමාගම සේවකයන් 3000 ක් ඉවත් කරනු ඇති අතර මීට පෙර තවත් සේවකයන් 3700ක් ඉවත් කරනු ලැබිණි. එහි සමස්ත සේවක කප්පාදුව හතරෙන් එකකි.

සමාගම සතුව ලොවපුරා පිහිටි පාලක පද්ධති ඇතුළුව කාර්යාල 45කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමට හෝ ඒකාබද්ධ කිරීමට මෙහිදී තීරණය වී තිබේ. සමාගමේ අනාගතය සුරක්ෂිත කරනු පිණිස මෙම පියවර ගතයුතුව ඇති බව දන්වමින් එම සමාගමේ ප්‍රධාන විධායක ඩාරා කොස්රෝෂාහි කාර්ය මණ්ඩලයට ලිපියක් යොමුකර ඇත . කොවිඩ් – 19 වසංගතය පැමිණීමට පෙරදීද ඌබර් ආයතනය විශාල වශයෙන් පාඩු ලබමින් සිටි අතර වසංගත තත්ත්වය හමුවේ එය පාලනය කරගැනීම අභියෝගයක් වී තිබේ. ඇමරිකාව සහ කැනඩාව අගුළු දැමීම හේතුවෙන් පසුගිය මාසයේදී ඌබර් ධාවන පථ 80% කින් පහත වැටී ඇත. මේ අතර, ඌබර් ඊට්ස් නම් ආහාර බෙදා හැරීමේ ව්‍යාපාරය ඉහළ ගොස් ඇතත්, එය තවමත් ලාභ ලබන තත්ත්වයක නැත.

පවතින තත්ත්වය මත සමාගම් වියදම් ඩොලර් මිලියන 175 සිට ඩොලර් මිලියන 220 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර නව සංශෝධන මගින් සමාගමට අවම වශයෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 1 ක් ඉතිරි කර ගත හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More