දේශීය පුවත්

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට සූදානමින් සිටී. ඒ අනුව එහි සාමාජිකයකු ජනාධිපතිවරයා හමුවීමට සූදානමින් සිටින බවද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් පවසයි.

‘‘අපි මේ සම්බන්ධයෙන් දැනටමත් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වා ඇති අතර ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා හමුවීමටද බලාපොරොත්තු වෙමු’’ යැයි පවසන ඔහු ඉතා ඉක්මනින්ම ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් යහපත් පිළිතුරක් දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කරයි.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මේ මස මුලදී දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් අග්‍රාමාත්‍ය නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවූ අතර පසුගිය අඟහරුවාදා (12 වැනිදා) යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් අග්‍රාමාත්‍යවරයා හමුවී දේශපාලන සිරකරුවන්ගේ තොරතුරු ඇතුළත් ලිපියක් භාර දුන්නේය. දේශපාලන හේතූන් මත රඳවාගෙන සිටිනවා යැයි දෙමළ සන්ධානය ප්‍රකාශ කරන සිරකරුවන් අනූහය දෙනකුගේ තොරතුරු මෙම ලේඛනයේ අඩංගු වූ අතර ඉන් හතළිස් හත් දෙනකු නිදහස් කිරීම සඳහා ජනාධිපති සමාවක් ඉන් ඉල්ලා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More