දේශීය පුවත්

අධි අවදානම් සහ අවදානම් ලෙස හඳුනාගත් ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනය කිරීම අද (20 වැනිදා) සිට ආරම්භ වන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

බස් රථ සේවා යථා තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19 වැනිදා) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. ඒ පිළිබඳව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

දැනට පවතින තත්ත්වය මත ඉදිරි දින කිහිපය තුළත් කොවිඩ් 19 සම්බන්ධව යහපත් තත්ත්වයක් රටේ පවතින්නේ නම් ලබන සඳුදා දින (25 වැනිදා) සිට රට යථා පරිදි පවත්වාගෙන යාමට හැකි වෙනු ඇතැයිද විශ්වාස කෙරේ. දුම්රිය සම්බන්ධව දැනට පවතින තත්ත්වය නම් ආසන වෙන් කරගන්නා ඇතැම් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරී සේවාවන් සඳහා නොපැමිණීමයි. මෙම සතියේ දුම්රිය ආසන සඳහා 11500ක් ලියාපදිංචි කර ඇතත් පැමිණ ඇත්තේ පුද්ගලයන් 8955ක් පමණි.

එම නිසා දුම්රියේ ගමන් කිරීමට කල් තියා ආසන වෙන් කරවා ගැනීමකින් තොරව පැමිණෙන සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයන් ප්‍රවාහනය සඳහා ඉඩ සැලසීමට තීරණය කළ අතර ඒ සඳහා ඔවුන් තම සේවා හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුය.

පොදු ප්‍රවාහනයේ දී මින් පෙර ගත් තීරණ පරිදි ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම, මුහුණ ආවරණ අනිවාර්ය කිරීම මෙන්ම විෂබීජ නාශක බස් රථ තුළ තබා ගැනීම කළ යුතුය. මගීන් සිටගෙන ගමන් කිරීමට කිසිසේත්ම ඉඩ ලබාදෙන්නේ නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More