දේශීය පුවත්

සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා මගපෙන්වීම් තුළ හැකි ඉක්මනින් මහ මැතිවරණය පවත්වා අලූත් පාර්ලිමේන්තුව කැදවීම ඉතා අවශ්‍ය බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පාර්ලිමේන්තුව දිනෙන් දින කල්යාම රටේ ආර්ථිකයට මෙන්ම සංවර්ධනයට ද හො`ද තත්ත්වයක් නොවන බව කී මෛත‍්‍රීපාල සිරිසේන මහතා මැතිවරණය කල්යන විට රටේ පවතින සියලූ ගැටලූ හා අර්බුද තවත් වැඩිවන බව ද සදහන් කළේය.

ඒ නිසා මැතිවරණයක් පැවැත්වීම ඉතා අවශ්‍ය බව ද හිටපු ජනාධිපතිවරයා කීවේය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මැතිවරණය කියන ප‍්‍රශ්නයට වඩා පාර්ලිමේන්තුවේ වගකීම හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ රට ගෙනයාම සදහා පාර්ලිමේන්තුවේ කාර්යභාරය අපි තේරුම් ගත යුතු බව කී හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවක් නොමැතිව රටකට ඉදිරියට යා නොහැකි බව ද සදහන් කළේය.

රටේ පවතින ආර්ථික, දේශපාලන හා විවිධ සමාජ ප‍්‍රශ්න ජයගැනීම ස`දහා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ සහයෝගය අවශ්‍ය බව ද මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පවතින කොරෝනා තත්ත්වයද සම`ග දේශපාලන ස්ථාවරත්වය තුළ වත්මන් ජනාධිපතිවරයාට රට ඉදිරියට ගෙනියාම සදහා පාර්ලිමේන්තු මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම අවශ්‍ය බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More