දේශීය පුවත්

කොරෝනා වෛරස රෝගයෙන් ආරක්ෂා වීම සඳහා නිවසේ දින 14ක් නිරෝධායනයට ලක්ව සිටීමට නියමව සිටින සිය දියණිය ද සමග මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ඊයේ (19දා) සහ පෙරේදා (18දා) රාජගිරිය පිහිටි මැතිවරණ කොමිසමට පැමිණ ඇත.

විදේශගතව සිට ශ‍්‍රී ලංකාවට පැමිණි එම දියණිය හෝටලයක දින 14ක් නිරෝධායනයට ලක්වීමෙන් පසු තව දින 14ක් නිවසේ නිරෝධායනයට ලක්වීමේ අවසරය මත පෙරේදා ඉන් ඉවත්ව තිබේ.

චෙම්මිනි පාර, නල්ලූර්, යාපනය යන ලිපිනය දරන නිවසට ඇය රැගෙන යනු වෙනුවට මහාචාර්ය හූල් සිය දියණිය සමග යාපනය මැතිවරණ කාර්යාලයට අයත් වාහනයකින් මෙසේ දින දෙකක් මැතිවරණ කොමිසමට පැමිණ ඇත.

මේ සම්බන්ධව තොරතු දැනගත් වහාම මැතිවරණ කොමිසමේ කාර්ය මණ්ඩලය ඊයේ (19දා)විරෝධය පා ඇති අතර එහිදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මැදිහත් වීම මත ඔවුන් මැතිවරණ කොමිසමෙන් පිටව ගොස් තිබේ.

දින 14 නිරෝධායන නීති ද උල්ලංඝණය කරමින් මහාචාර්ය හූල් මහතා සිය දියණිය මැතිවරණ කොමිසමට රැගෙන එ්මෙන් තමන් මෙන්ම දිනපතා මැතිවරණ කොමිසමට පැමිණෙන දේශපාලඥයින් සහ විවිධ නිලධාරීන් ද අවදානමට ලක්කර ඇතැයි මැතිවරණ කාර්යාලයේ සේවකයෝ සඳහන් කරති.

මේ සම්බන්ධව රාජගිරිය මැතිවරණ කොමිසම් කාර්යාලයෙන් කළ විමසීමේදී එහි ප‍්‍රකාශකයකු සඳහන් කළේ මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සහ ඔහුගේ දියණිය මැතිවරණ කාර්යාලයේ සේවකයින්ගේ විරෝධය හමුවේ ඊයේ දහවල් මැතිවරණ කොමිසමෙන් පිටව ගිය බවත් ඔවුන් පිට ගිය පසු මැතිවරණ කාර්යාල පරිශ‍්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජ හරණයට ලක්කළ බවත්ය.

එසේම අද(20දා) පැවැත්වෙන මැතිවරණ කොමිසමේ රැුස්වීමට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වන ලෙස මහාචාර්ය හූල්ට දැනුම්දුන් බවද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More