දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කළ හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම පක්‍ෂයෙන් නෙරපා ඇති බව පක්‍ෂ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කළුතර දිස්ත‍්‍රික් නායක ධූරයෙන් සහ පානදුර ආසන සංවිධායකධූරයෙන් ද ඉවත් කරනු ලැබ ඇතැයි එම පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මහින්ද සමරසිංහ මහතාගේ ඉවත් කිරීමෙන් හිස් වූ එම තනතුරු සදහා බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය සුමිත‍්‍රලාල් මෙන්ඩිස් මහතා පත්කිරීමට නියමිත බවද එම ප‍්‍රකාශකයා කීවේය.

ඔහු විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව මැතිවරණයට තරග කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව පක්‍ෂ විනය කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවක් අනුව ශ්‍රී.ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ පක්‍ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.

පක්‍ෂය විසින් ගනු ලැබූ මෙම තීන්දුව හෙට (20) දිනයේදී මහින්ද සමරසිංහ මහතාට ලිඛිතව දැනුම්දීමට නියමිත බවද පක්‍ෂයේ එම ප‍්‍රකාශකයා පැවසීය.

පක්‍ෂයේ හිටපු තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ඇතුළු තිදෙනකු සම්බන්ධයෙන් ද ඉදිරියේදී විනය ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ඔහු කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More