අන්තවාදී තර්ජන පිළිබඳව මහජනතාව නොමග යවමින් සමාජ මාධ්‍ය ජාලා තුල පැතිරෙමින් පලවීම් වලින් නොමඟ නොයන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
” සමාජ මාධ්‍ය ජාල තුල පැතිර යන ප්‍රවෘත්තියන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් බුද්ධි අංශවලට ශ්‍රී ලංකාව තුල අන්තවාදී තර්ජන සම්බන්ධයෙන් තොරතුරු ලැබී නොමැති බව” ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ප්‍රකාශ කර සිටියා.
කොරෝනා වෛරස් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා හමුදා සහ පොලිස් සහාය ලබා ගැනීම තුලින් රටේ ජාතික ආරක්ෂාව කිසිදු ආකාරයකින් නොසලකා හැර නොමැති බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කර සිටියා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය විසින් රටේ සියලුම බුද්ධි අංශ එක් ජාලයක් යටතට ගෙන අභ්‍යන්තර හා භාහිර වශයෙන් ආරක්ෂාවට ඇති තර්ජන බුද්ධි තොරතුරු ලබා ගැනීම සඳහා බුද්ධි අංශ ශක්තිමත් කර ඇති බවද මෙහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් යලිත් අවධාරණය කර සිටියා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...