පුරවැසි කොලම

”ඔය තීරණාත්මකයි කියන ඉදිරි සති දෙක කවදද ඇත්තටම ඉවර වෙන්නෙ. එක
සැඳො⁄4ට හරියටම කිව්වනන් ඉවරනෙ. ̃ – පසුගිය සති කිහිපය තුළ මුහුණුපොතේ
සංසරණය වූ, උපහාසය හා හාස්‍යය මුසුවූ වදන් පෙළකි ඒ.
”ඉදිරි සති දෙක තීරණාත්මකයි ̃ යන වදන් පෙළ, පසුගිය මාස දෙක පුරාවට
නිරතුරුව අපට අසන්නට ලැබුණේය. සෞඛ්‍ය බලධාරීන්ගේ සහ ආරක්‍ෂක
නිලධාරීන්ගේ මුවින්, ඒ වදන් පෙළ දිනපතාම පාහේ අසන්නට ලැබුණේය. ඉදිරි සති
දෙක නැතහොත් ඉදිරි දින දාහතර තීරණාත්මක යැයි එක දිගට නොකඩවා අවධාරණය
කිරීම, එක්තරා දුරකට හාස්‍යයය උපදවන්නක් බව ඇත්තය. මේ වන විට මෙම වදන්
පෙළ, ”බාලගිරි ෙදා්ෂය අද නොවේ හෙට ̃ යන පැරණි සිංහල කියමන මතකයට
නගන්නට පටන් ගෙන ඇති බවද ඇත්තය. එහෙත්, මේ තුළ විද්‍යාත්මක පදනමක් ගැබ්වී
ඇති බව අමතක නොකළ යුතු වන්නේය. එනම්, කොවිඞ්-19 වෛරසය පිළිබඳව
මෙතෙක් කෙරී ඇති ප3⁄4යේෂණවලට අනුව, වෛරසය සිරුරට ඇතුළු වී මුල්ම රො ්ග
ලක්‍ෂණ පෙන්නුම් කිරීම දක්වා ගතවන කාලය දින 2ත් 14ත් අතර වන්නේය. දින 24කට
සහ දින 27කට පසුව රෝග ලක්‍ෂණ පෙන්නුම් කළ අවස්ථා පිළිබඳවද මේ වන විට
වා3⁄4තා වී ඇතත්, සමහර විට ඒ දෙවෙනි වතාවටත් වෛරසය සිරුරට ඇතුළු වූ නිසා
විය යැයි සැක කෙරෙන්නේය. කෙසේ වුවද, ඉදිරි දින 14 තීරණාත්මක යැයි අපට නිතර
අසන්නට ලැබෙන්නේ, කොවිඞ්-19 වෛරසයේ බීජෞෂණ කාලය :ෂබජමඉ්එසදබ ඡුැරසදා*
දින 14ක් යැයි දැනට පිළිගැනෙනා නිසාය. කොරෝනා ආසාදිතවීමට ඉඩ ඇතැයි සැක
කෙරෙනා උදවියද දින 14ක කාලයක් නිරො ්ධායනයට ලක්කෙරෙන්නේද මේ නිසාය.

කෙසේ වුවද, පසුගිය මැයි 11 වන සඳුදා රට යළි විවෘත කිරීමෙන් පසුවද, ඉදිරි
සති දෙක අතිශය තීරණාත්මක යැයි බලධාරීන් නැවත වතාවක් අවධාරණය කිරීම
ඇතමෙකුට ප‍්‍රශ්නයක් වී ඇත්තේය. ශ්‍රී ලංකාවෙන් පළමු වරට කොරෝනා ආසාදිතයෙකු
හමවූයේ 2020 ජනවාරි 27 වැනිදාය. චීන කාන්තාවක් වූ ඇය, සම්පූ3⁄4ණ සුවය ලබා
පෙබරවාරි 19 වැනි දින රෝහලෙන් පිටව ගියාය. අනතුරුව, මා3⁄4තු 10 දින පළමු ලාංකික
කොරෝනා ආසාදිතයා හමුවූ අතර, මේ වන විට (මෙම ලිපිය ලියන මොහොත වන
විට*, කොරෝනා ආසාදිතයන්ගේ ගණන 900 ඉක්මවා ඇත්තේය. පළමු ලාංකික

කොරෝනා ආසාදිතයා වා3⁄4තා වූ වහාම ක‍්‍රියාත්මක වූ රජය ඊට පසුදිනම, එනම් මා3⁄4තු
11 දින රට පුරා ඇඳිරි නීතිය පැනවීමට පියවර ගත්තේය. එලෙස ඇඳිරි නීතිය පැනවීමේ
නීත්‍යානුකූලභාවය පිළිබඳව ඇතමෙකු නීති ත3⁄4ක ඉදිරිපත් කළද, පවතින නිරො ්ධායන
නීතිය යටතේ එවැන්නක් කළ හැකි බව පසුව තහවුරු වූයේය. මේ අනුව, ”නිරෝධායන
ඇඳිරි නීතිය ̃ නමැති අ ̈ත් සංකල්පයක්ද අපේ ව්‍යවහාරයට එකතු වූයේය. කෙසේ
වුවද, ලෝ පුරා පැතිර යන මෙබඳු වසංගත තත්ත්වයක් හමුවේ, ජනතාවගේ ආරක්‍ෂාව
සහ සුබසෙත උදෙසා ඇඳිරි නීතිය පැනවූ විට එහි නීත්‍යානුකූලභාවයක් ගැන ප‍්‍රශ්න
කිරීම කොතෙක් දුරට සදාචාරසම්පන්න දැයි දෙවරක් සිතා බැලිය යුතුය.
කෙසේ වුවද, අපව නිවෙස්වලට කොටුකරමින් පනවා තිබූ නිරෝධායන ඇඳිරි
නීතිය දැන් ටිකෙන් ටික ලිහිල්වන්නට පටන් ගෙන ඇත්තේය. මේ වන විට, කොළඹ
සහ ගම්පහ දිස්ත‍්‍රික්ක හැරුණු විට සෙසු සිය ̈ම දිස්ත‍්‍රික්කවල ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක
වන්නේ රාත‍්‍රී 8.00 සිට අ ̈යම 5.00 දක්වා පමණය. ආසාදිතයන් බහුල ප‍්‍රදේශ සහ
රෝගය සීඝ‍්‍රයෙන් පැතිර යා හැකියැයි සැක කෙරෙන ප‍්‍රදේශ සම්පූ3⁄4ණයෙන්ම වසා
දැමීමට රජය පියවර ගත් අතර, මේ වන විට එලෙස වසා දැමුණු ගම්මාන සහ නගර
සියල්ලම විවෘත කොට හමාරය. (ලෝකයේ අනෙක් රටවල මෙම පියවර ”ලොක්ඩවුන්
කිරීම ̃ නමින් හඳුන්වනු ලැබූ අතර, අපි අපේ ඌරුවට ”හුදෙකලා කිරීම ̃ ලෙස
හැඳින්වූයෙමු.* එපමණක් නොව, සෙසු දිස්ත‍්‍රික්ක පරිදිම කොළඹ සහ ගම්පහ
දිස්ත‍්‍රික්කවලද රජයේ සහ පෞද්ගලික ආයතනවල වැඩකටයුතු පසුගිය මැයි 11 වන
සඳුදා සිට ආරම්භ වූයේය. මේ අනුව බලනා විට, මැයි 11 වන සඳුදා සිට රටේ ජන
ජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන්නේය.

කොවිඞ්-19 වසංගතය හමුවේ සා3⁄4ථක ගමනක යෙදෙන ශ්‍රී ලංකාවට ඉදිරි සති
දෙක අතිශය තීරණාත්මක බැවින්, සමස්ත ජනතාව ඒ පිළිබඳව ඉතාම වගකීමෙන්
කටයුතු කළ යුතුව ඇතැයි, කොරෝනා ම3⁄4ධන කා3⁄4යය සාධක බලකායේ ප‍්‍රධානී, යුද
හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරන්නේ මෙම පසුබිම තුළය. පසුගිය
මැයි 14 දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා තවදුරටත් පවසා සිටියේ,
මේ දක්වා පනවා තිබුණු සීමාවන් ක‍්‍රමයෙන් ලිහිල් වන පසුබිමක් තුළ ජනතාව දැඩි
වගකීමෙන් කටයුතු කළ යුතු බවය. සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් ජනතාව අකුරටම
අනුගමනය නොකළහොත්, මෙතෙක් කාලයක් (පසුගිය මාස දෙක තුළ* සෞඛ්‍ය සහ
ආරක්‍ෂක අංශ මහත් කැපවීමෙන් ලබාදුන් ජයග‍්‍රහණ ගිලිහී යා හැකි බවය.

තවද, අ ̈ත් තත්ත්වය පිළිබඳ අදහස් දක්වන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්,
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරන්නේ මෙතෙක් කොරො ්නා
ම3⁄4ධන වැඩසටහන ක‍්‍රියාත්මක වූයේ ඇඳිරි නීති තත්ත්වයන් යටතේ සමාජ (ශාරීරික*
දුරස්ථභාවය රැුකගනිමින් බවය. එවන් තත්ත්වයක් යටතේ එක් ස්ථානයකට රැුස්වන
පිරිස අඩු නිසා, සමාජය තුළ රො ්ගය බෝවීමේ සම්භාවිතාවයද අඩු බවය. එහෙත්,
මත්පැන් වෙළඳසැල් බඳු සෞඛ්‍ය උපදෙස් තරයේ නොපිළිපදින ස්ථාන ආශි‍්‍රතව
කොවිඞ්-19 වෛරස ආසාදිතයෙකු හමුවුවහොත්, ඔහු හරහා රො ්ගය ව්‍යාප්ත වන
ආකාරය සහ රො ්ගීන් පොකුරු වශයෙන් මතුවිය හැකි ස්ථාන හඳුනා ගැනීම ඉතා
දුෂ්කර විය හැකි බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේය.
වෙනත් වචනවලින් කියතොත්, පසුගිය මාස දෙක තුළ පනවා තිබුණු සීමාවන් ලිහිල්
කිරීමෙන් පසුවද ජනතාව සෞඛ්‍ය මා3⁄4ගෝපදේශනය අකුරටම පිළිනොපැද්දොත්,
කොරෝනා ම3⁄4ධන වැඩසටහන නැවත වතාවක් මුල සිටම ඇරඹීමට සිදුවිය හැකි යැයි
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අනතුරු අඟවන්නේය.

ඇඳිරි නීතිය ලිහිල් කිරීම හා රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම හරහා
මතුව ඇති අ ̈ත් වටපිටාව තුළ, ඉදිරි සති දෙක (දින 14* අතිශය තීරණාත්මක බව යළි
යළිත් අවධාරණය කෙරෙන්නේය. විශේෂයෙන්, පොදු ප‍්‍රවාහන පහසුකම් භාවිතයේදී
මෙන්ම සිය ̈ම පොදු ස්ථානවල හැසිරීමේදී ශාරීරික දුරස්ථභාවය පවත්වාගෙන යාම
අත්‍යවශ්‍ය බව යළි යළිත් අවධාරණය කෙරෙන්නේය. මීට කලින්ද අප විසින් පෙන්වා
දුන් පරිදි, රජය විසින් පනවනු ලබන නීතිරීති, විවිධ සීමාවන්ට අමතරව, අප එකිනෙකා
විසින් එක්තරා ආකාරයක ස්වයං විනයක්, ස්වයං පාලනයක්ද පවත්වාගෙන යාම
අත්‍යවශ්‍ය වන්නේය. පසුගිය මාස දෙක තුළ පනවා තිබුණු සීමාවන් ලිහිල් කෙරුණද,
මින් ඉදිරියටත් අප විසින් සෞඛ්‍ය උපදෙස්වලට ගැලපෙන පරිද්දෙන් ස්වයං නීතිරීති
මාලාවක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වන්නේය.

මුළු මානව සංහතියම මහත් කම්පනයකට ලක්කළ නව කොරෝනා වෛරසය
අපේ කයත් මනසත් එකසේ විඩාවට පත්කළ බව ඇත්තය. පසුගිය මාස කිහිපය තුළ
නොකඩවා අසන්නට දකින්නට ලැබුණු අයහපත්, අසතුටුදායක ප‍්‍රවෘත්ති හේතුවෙන්
අපේ මනස මහත් සේ විඩාවට පත්වූ බව ඇත්තය. එහෙත්, මෙම ව්‍යසනයට සා3⁄4ථකව
මුහුණදීම උදෙසා අපට ශක්තිය, ධෛ3⁄4යය ලැබෙන්නේ අපේ මනස යහපත් සුබවාදී
සිතුවිලිවලින් පුරවා ගතහොත් පමණය. කොවිඞ්-19 මාරයාට සා3⁄4ථකව මුහුණදීම
උදෙසා අපේ සිරුඳො⁄4 ප‍්‍රතිශක්තිය වැඩි වන්නේ, අපේ මනස යහපත් සුබවාදී
සිතුවිලිවලින් පුරවා ගතහොත් පමණය. ඒ නිසා, තව වැඩි කලක් යන්නට මත්තෙන්

ලාංකේය භූමියෙන් කොරෝනා වෛරසය මුලිනුපුටා දැමීමට හැකි වේවායි ප‍්‍රා3⁄4ථනා
කරන අතරතුර, ඉදිරි සති දෙක තුළ දැඩි වගකීමෙන් කටයුතු කිරීමට අප සැවොම
අදිටන් කරගත යුතුය. රජයේ කොරෝනා ම3⁄4ධන වැඩපිළිවෙලට ඉදිරියටත් පූ3⁄4ණ
සහයෝගය දැක්වීමට අප සැවොම අදිටන් කරගත යුතුය. එසේ නොකළහොත්, ”ඉදිරි
සති දෙක තීරණාත්මකයි ̃ යන වදන් පෙළ යළි යළිත් අපට අසන්නට සිදුවනු ඇත්තේය.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

විදුර වික්‍රමණායකට පැටලිලා තියෙන තරම අනුව ජනාධිපතිගේ අභියෝගයේ තරම පෙනේ – ජාතික සංවිධාන වලින් විදුරට ටොක්කක්

සහල් පාලන මිල පැනවීමේදී මෝඩකමක් නොවේ නම් කුමන්ත්‍රණයක් සිදුවී ඇති බවට ජාතික සංවිධාන විසින් ප්‍රභල මතයක් ගොඩ නැගූ බැවින් විද...


Read More

කොටි ඩයස්පෝරාවේ දැඩි බලපෑම මත ශී‍්‍ර ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව ලබන වසරේ යළිත් කරලියට

ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකාව ඉවත් වීම ගැන තැකීමක් නොකර එම යෝජනාව 2021 මාර්තු මස පැවැත්වෙන 47 වැනි ජිනීවා මානව හිමිකම් සමුළ...


Read More

ලොස් ඇන්ජලිස් නුවරට ඇඳිරි නීතිය!

ඊයේ(30) අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8 සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට ලොස් ඇන්ජලිස් නුවර නගරාධිපති එරික් ගාර්සෙට්ටි මහ...


Read More