යල කන්නයේදී වී වගාව සීමා කළ යුතු බවට යහපාලන ආණ්ඩුව යටතේ කෘෂිකර්ම බලධාරීන් නිල වශයෙන් ප්‍රකාශ කළ අතර වාරිමාර්ග බලධාරීන් ඊට අනුව මහාමාර්ග ආශ්‍රතව ජලය ලබාදීම අවුල් කිරීම මගින් ගොවියා අද්‍යර්මත් කිරීමට කටයුතු කරන ලද බව රහසක් නොවේ.
එහෙත් දැන් එම තත්වය තව දුරටත් වර්ධනය වී ගොවීන් විසින් වී වගාව ආරම්භ කළහොත් නඩු දමන බවට වාරිමාර්ග බලධාරීන් ගොවීන්ට තර්ජනය කරන බවට වාර්තාවේ.
කලාවැව, මහකනදරාව රාජාංගනය වැනි වැව්වල, ජලය පිරී තිබියදී සහ කැඹුරුවල වතුර සැපයුම යොදා තිබියදී කැඹුරු හාන ගොවීන්ට මේ ආකාරයට තර්ජනය කරන්නේ කෙසේ දැයි ගොවීහු ප්‍රශ්න කරති.
කුඹුරු ගොඩකරන්න කතාකළ පාලකයන් සිටි කාලයකවත් නිලධාරීන් මේ ආකාරයට ගොවීන්ට තර්ජනය නොකළ බව ගොවීන් පවසති. මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ගොවීන් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...