වසර කිහිපයක් තිස්සේ අඛණ්ඩ ව හෝකන්දර දක්ෂිණාරාමයේ දී පවත්වාගෙන එනු ලබන රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව මෙවර ද 2020.05.12 දින සිට 2020.05.18 දින දක්වා පැවැත්වීමට ලංකා ජාතික සංඝ සභාව කටයුතු සංවිධාන කර තිබුණා.
ත්‍රස්තවාදයෙන් දේශය මුදවාගැනීමේ උත්තුංග කාර්යයේ දී දිවිපිදූ රණවිරුවන් 29,000ක් වෙනුවෙන් මෙවර කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් සීමිත ජනතා සහභාගිත්වයක් සහිත ව දින හතක් මු`ඵල්ලේ පහන් දල්වා මෙම කෘතගුණ පූජාව සිදුකරන ලදී.
සම්භාවනීය මහාසංඝරත්නය එක් දිනකට එක් නම බැගින් ද රණවිරුවන් නියෝජනය කරමින් එක් දිනකට එක් රණවිරුවකු බැගින් සහභාගි වූ මෙම පිංකම ඊයේ (18) දිනයෙන් අවසන් විය.
අවසන් දිනයේ පහන් පූජාව සදහා මහාසංඝරත්නය නියෝජනය කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍යපාද මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ රණවිරුවන් නියෝජනය කරමින් ජනරාල් දයා රත්නායක මැතිතුමා සහ සෙසු ආරධිතයන් ලෙස ආචාර්ය ගුණදාස අමරසේකර මැතිතුමා, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති සුදත් රෝහණ මැතිතුමා, සහෝදරත්වයේ පියසටහන් පදනමේ සභාපති අරුණ සමරවික්‍රම මැතිතුමා සහභාගී විය
මෙම අවස්ථාවේදී ආබාධිත රණවිරුවෙකු වන කෝපල් ජයතිලක මහතා වෙත කෘතිම පාදයක් පරිත්‍යාග කිරීම සහෝදරත්වයේ පියසටහන් පදනමෙන් සිදුවිම විශේෂත්වයක් විය.
තව ද මෙවර කොවිඞ් වසංගත තත්ත්වයට ගොදුරු වූ රණවිරුවන් ඇතු`ඵ සියලු ම ශ්‍රී ලංකාවාසී ජනතාවටත් ආබාධිත රණවිරුවන්ටත් නිදුක් නීරෝගී භාවය ප්‍රාර්ථනා කිරීම ද මෙහි අරමුණ විය.
මෙම රණවිරු පූජාව සංවිධානය කරන ලද්දේ ලංකා ජාතික සංඝ සභාව වන අතර අනුග්‍රහය දක්වන ලද්දේ ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ විධායක සභාව මගින් සහ දක්ෂිණාරාම විහාරස්ථ දායක සභාව, විහාර කාර්යසාධක සමිතිය, හා සමාධී සීල සමාදාන සමිතිය මගිනි
මේ සදහා මාධ්‍ය අනුග්‍රහය ලංකා ලීඞ් නිවුස් සජීව විකාශය ලබාදුන් අතර ඒ සදහා පලහතින් පිවිසෙන්න
රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව 2020 අද අවසන් දිනය සජිව විකාශය
ත්‍රස්තවාදයෙන් දේශය මුදවාගැනීමේ උත්තුංග කාර්යයේ ද දිවිපිදූ රණවිරුවන් 29,000ක් වෙනුවෙන් එක් දිනකට 2900 බැගින් දින හතක් මුඵල්ලේ පහන් දල්වා කරනු ලබනරණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව 2020 අද අවසන් දිනය සජිව විකාශය
Gepostet von Lanka Lead News am Montag, 18. Mai 2020

































ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...