පුරවැසි කොලම

1987 ජුලි මාසයේදී කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා වූ හාර්දීප් සිං පූරී යාපනයේ දී ප‍්‍රභාකරන් හමුවී සාකච්ඡුාවක් පැවැත්වීය. මෙහිදී ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳ සාකච්ඡුාවක් සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙසට එහිදී ඔහුට ආරාධනයක් ලැබිණි. ප‍්‍රභාකරන් එම ඉල්ලීමට එක`ග විය. එහෙත් ඔහුට ඉල්ලීම් කිහිපයක් ඉන්දීය රජයට ඉදිරිපත් කිරීමට තිබිණි. ඉන්දියාව බලා යන ගමනේ දී තම දේශපාලන සහායකයන් වන යෝගි හා තිලීපන්ට අතිරේකව කායාරක්ෂක භටයන් දෙදෙනකුන් හෝ තිදෙනකුන් කැටුව යාමට ඔහුට වුවමනා විය.

මදුරාසියේ දී බාලසිංහම් තමන් හා එක්වීම ද ප‍්‍රභාට අවශ්‍ය විය. ඔහුට තම බිරිඳ හා දරුවන් දෙදෙනා මදුරාසියට කැටුව යාමට ද වුවමනා විය. එහිදී තමන්ගේ දෙමාපියන් දැක බලා ගැනීමට තම බිරිඳට හා දරුවන්ට අවස්ථාව සලසා දීමට ප‍්‍රභාකරන් බලාපොරොත්තු විය. නවදිල්ලිය බලායාමට කලින් තමිල්නාඩු මහ ඇමැති එම්.ජී.ආර්. බැහැදැකීමට තමන්ට වුවමනා බවද ඔහු කියා සිටියේය. ඉන්දීය රජය මේ ඉල්ලීමවලට එක`ග වූ අතර කොළඹ ආණ්ඩුවේ අවසරය ඇතිව ඉන්දියානු හෙලිකොප්ටර් යානා දෙකක් යාපනය බලා පියාසර කිරීමට පියවර ගනු ලැබිණි.

ඉන්දියාවට ගොඩබට පසුව මදුරාසි ගුවන් තොටුපොළෙහි වූ ඉන්දියානු ගුවන් සේවයේ මගී විවේකාගාරය තුළ ප‍්‍රභාකරන් විනෝදකාමී විලාසයකින් පසු වනු දක්නට ලැබිණි. එහිදී හාර්දීප් සිං පූරී හා ඔහු එක්ව දිවා ආහාර ගැනීමට ගියහ. කොටි නායකයා ඔහු කැමති දෙයක් ඇණවුම් කරතැයි සිතමින් පූරි තමන්ට කුකුල් මස් ව්‍යංජනයක් සම`ග බත් ගෙන එන ලෙස දැනුම් දුනි. තිරි`ගුවලින් සාදනු ලබන උතුරු ඉන්දියානු පැතලි පාන් විශේෂයක් වන චපාතිවලට තමන් වඩා කැමති යයි ප‍්‍රභාකරන් පැවසීය. ”මම බත් කන්නෙ නැත්තේ කොකා ගස්සන ඇ`ගිල්ලට ඒක නරක විදිහට බලපාන නිසායි.” ඔහු මැඩගත් සිනවකින් යුතුව පැවසීය. ජේ.එන් ඩික්සිත් මහතා ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන සමයේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා හාර්දීප් සිං පූරි වර්තමාන නරේන්දා මෝදි රජයේ ඇමැතිවරයෙකි.

ඉහත කරුණු අඩංගුවන්නේ ”ප‍්‍රභාකරන් – දුරවබෝධ මනසක ඇතුළාන්තය” යන කෘතියේය. එදා කොකා ගස්සන ඇ`ගිල්ල ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් චපාති අහාරයට ගත් මේ ත‍්‍රස්ත නායකයා අවසානයේ ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගේ ජීවිතයත් බිලිගත්තේය. ලංකාවේ ප‍්‍රශ්නයට මැදිහත් වී ඉන්දියාව හොද පාඩමක් ඉගෙන ගත්තේය. මෙරටට ඉන්දීය හමුදා ගොඩබස්වා සිදුවුයේ මහත් විපතකි. ඉන්දීය සෙබළුන් 1200ක් මරණයට පත්වූ නිසාම මේ මෙහෙයුම් හදුන්වන්නේ ඉන්දියාවේ වියට්නාම අත්දැකීම ලෙසය.

අතීත මතක කෙසේ වෙතත් හරියටම මීට වසර 11කට පෙර ප‍්‍රභාකරන්ගේ දේහය නන්දිකඩාල් කලපු තීරයේදී හමුවිය. රට විනාශ කළ ත‍්‍රස්ත නායකයා ලංකා හමුදාවේ විජයබා බල ඇණියේ සෙබළෙකුගේ වෙඩි ප‍්‍රහාරයට ගොදුරුව අවසන් ගමන් ගොස් තිබිණි. මහා වීරත්වයට පත්කර සිටි කොටි නායක ප‍්‍රභා කිසි විටක සිය ග්ලොග් පිස්‌තෝලයෙන් වෙඩිතබාගෙන සියදිවි නසාගන්නේ නැත. ළමා සොල්දාදුවන්ට පවා සයනයිඞ් පැළඳි මේ ඊනියා ත‍්‍රස්‌ත නායකයා සිය සයනයිඞ් කරල හපා කෑවේ ද නැත. ප‍්‍රභාකරන්ට සිය මරණීය උණ්‌ඩය වැදී තිබුණේ නළලේ වම් පැත්තට වන්නටය.

ඇත්තෙන්ම වෙඩිවදින අවස්‌ථාවේ ප‍්‍රභාකරන් සිටියේ සිය සුපුරුදු කොටි ඇඳුමින් සැරසී නම් නොවේ. මැයි 17 වැනිදා වනවිට නන්දිකඩාල් කලපුව තුළ කණ්‌ඩායම් තුනක්‌ ලෙසට එල්. ටී. ටී. ඊ. නායකයෝ ස්‌ථානගත වී සිටියහ. බාබු හා සුසෙයි එක්‌ කණ්‌ඩායමක්‌ ලෙසත් පොට්‌ටු අම්මාන් ඇතුළු පිරිස තවත් කණ්‌ඩායමක්‌ ලෙසත් ප‍්‍රභාකරන් ඇතුළු පිරිස තවත් කණ්‌ඩායමක්‌ ලෙසත් කලපුව අවට ස්‌ථානගත වී සිටියහ. එහෙත් ප‍්‍රභාකරන්ගේ පණ සුන් සිරුර හමුවූයේ 19 වැනිදා පෙරවරුවේ නන්දිකඩාල් කලපුව අසල වැටී තිබියදීය. ප‍්‍රභාකරන්ගේ බිරිඳ මෙන්ම දියණිය ද්වාරකාගේ සිරුරුත් පසුව සොයා ගැනීමට හැකිවිය. චාල්ස්‌ ඇන්තනීගේ දේහයත් මැයි 17 වනවිටම සොයාගෙන තිබිණි. හිට්‌ලර්ගේ මරණය සේම ප‍්‍රභාකරන්ගේ මරණය ද විශ්වාස නොකරන පිරිසක්‌ කොටි හිතවාදීන් අතර විය. ඒ 2009 මැයි මාසයේදී ය. නමුත් දැන් නම් එවන් කණ්‌ඩායම් ගැන අසන්නට නොලැබේ.

ප‍්‍රභාකරන් උපත ලැබුවේ 1954 නොවැම්බර් මස 26 වැනිදාවකය. පිරිමි දරුවන් දෙදෙනකුගෙන් හා ගැහැනු දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලේ බාලයා වූයේ ඔහුය. කුඩා කාලයේ ආදරයට ඔහු හැඳින්වූයේ තම්බි (මල්ලි* යන සුරතල් නමිනි. ළමාවියේ ප‍්‍රභාකරන්ගේ ප‍්‍රියතම ක‍්‍රීඩා වූයේ පාපන්දු, වොලිබෝල් හා බයිසිකල් පැදීමය. එහෙත් ඔහු ක‍්‍රීඩාවේ දක්ෂයකු නොවූ හෙයින් පොතපත කියවීමට හා ක‍්‍රියාදාම චිත‍්‍රපට නැරඹීමට යොමු වූයේය. කුඩා අවධියේ පටන් ඔහු සත්ව හිංසකයෙක් විය. ලේනුන්, කටුස්සන්, කුඩා පක්ෂීන් ඔහුගේ කැටපොල පහරින් ගැලවුණේ නැත. ඔහුට පැහැදිලි මතකයක් තිබිණි. ඔහුගේ දෙනෙත නිතර දිදුළමින් තිබූ අතර කථාබහ කරන විට නිරතුරුව අවට බලමින් විමසිලිමත් ලෙස කථා කළේය.

කොටි සංවිධානය නිල වශයෙන් ආරම්භ වූයේ 1976 මැයි 5 වැනි දිනය. යාපන දිස්ත‍්‍රික්කයේ එක්තරා රහසිගත ස්ථානයකට රැුස්වූ 40ක් 50ක් පමණ වූ තරුණ පිරිසක් එල්.ටී.ටී.ඊ. සංවිධානය බිහි කළහ. එහි නායකයා වූයේ උමා මහේස්වරන්ය. සන්නද්ධ නායකයා වූයේ ප‍්‍රභාකරන්ය. කොටි සංවිධානය ආරම්භ කර වසර තිස්තුනකට පසුව එළඹුණු මැයි මාසයකම එය නැවත නොනැගිටින ලෙස විනාශයට පත්විය.

මීට වසර 15 කට පෙර එනම් 2005 වසරේ නොවැම්බරයේදී කොටි නායක ප‍‍්‍රභාකරන් සිය 51 වැනි උපන් දිනය සමරුවේ නිරාහාරවය. එය ආගමික විශ්වාසයක් මත සිදු කළා ද එසේ නොවේ නම් සිය මියගිය සටන් ස`ගයන් සිහි කිරීම වෙනුවෙන් සිදු කළ උපහාරයක් දැයි අපි නොදනිමු. ඒ ගැන නිවැරදිව කියන්න දන්නා කිසිවෙක් වර්තමානයේ ජීවතුන් අතර ද නැත. කෙසේ නමුත් ඒ කාලයේදී ප‍‍්‍රභාකරන් වන්නි කැලයේ සැ`ගවී සිටිමින් සිදුකරන මහා විරු ප‍‍්‍රකාශය ගැන නම් උතුර පමණක් නොව දකුණේ ජනතාව ද අවධානය යොමු කළේ එය රටේ පමණක් නොව තමන්ගේ මනුෂ්‍ය ජීවිතයට කෙළින්ම බලපාන බැවිනි. මේ ත‍‍්‍රස්ත නායකයා රටේ කොතැනක කවර වෙලාවක කවර විනාශයක් සිදු කරයිද නැද්ද යන්න පිළිබඳ විශ්වාසයක් නැති නිසා මහවිරු ප‍‍්‍රකාශයෙන් කියන්නේ කුමක්දැයි යන්න දැනගැනීම වැදගත් විය.

2005 මහවිරු ප‍‍්‍රකාශය සිදු කරමින් ප‍‍්‍රභාකරන් සිංහලයන්ගේ මහාවංශ මානසිකත්වය නිග‍‍්‍රහයට ලක් කළේය. සිංහලයන්, ශ‍‍්‍රී ලංකාව තමන්ට පමණක් වෙන්කර ගැනීම මේ දෙමළ නාසිවාදී ත‍‍්‍රස්ත නායකයාගේ දැඩි විවේචනයට ලක් විය. 2006 මහවිරු ප‍‍්‍රකාශය සිදුකරමින් ප‍‍්‍රභාකරන් පැවසුවේ කුමක්ද? තමන්ට ඊළම පිහිටුවීම හැර අන් විකල්පයක් නොමැති බවයි. එදා ඊළම පිහිටුවනවා යැයි ප‍‍්‍රභාකරන් වහසි බස් දෙඩුවේ දකුණේ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්නටය. ප‍‍්‍රභාකරන්ගේ ඊළාම් ප‍‍්‍රකාශ උපුටා දක්වමින් දකුණේ ඊනියා කොටි ඒජන්තයෝ ද සිංහල ජනයා බිත්තියට හේත්තු කරන්නට උත්සාහ ගත්හ. යුද්ධයෙන් කොටි පැරදිය නොහැකි බවට මරහඬ තලන්නට වුහ. 2008 නොවැම්බර් මාසයේදී ප‍‍්‍රභාකරන් සිය අවසන් මහවිරු ප‍‍්‍රකාශය සිදුකරමින් සඳහන් කර සිටියේ කුමක්ද? කිළිනොච්චියට ඇතුළුවීම රාජපක්ෂ ආණ්ඩුවේ දවල් හීනයක්ම පමණක් වන බවයි. නමුත් එම ප‍‍්‍රකාශයෙන් දින 140 කට පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජයග‍‍්‍රාහී විලාසයෙන් කිළිනොච්චියේ සංචාරය කරනු දක්නට ලැබිණි. එවිට ප‍‍්‍රභාකරන් පුදුමාතලන්වල සැ“ගවී සිටියේය. දෙමළ ජනතාව ලක්ෂ ගණනින් හමුදාව දෙසට පැමිණෙමින් සිටියේ මීට වසර 11කට පෙර අපේ‍‍්‍රල් මාසයේ දෙවැනි සතියේදීය.

පළමු ලෝක යුද්ධය පැවැතියේ වසර හතරක් පමණි. දෙවැනි ලෝක යුද්ධය වසර හයකින් නිමා විය. එහෙත් දෙමළ ඊළමක් සඳහා වූ ත‍්‍රස්ත යුද්ධය වසර 33ක් ඇදී ගියේය. දෙමළ ජනතාව මරණය, වේදනාව, අවිශ්වාසය, අවතැන්වීම වැනි විෂම චක‍්‍රයක කොටස්කරුවෝ බවට පත්වූහ. එහි අවාසනාත්මකම ප‍්‍රතිඵලය වූයේ විශාල පිරිසක් රටහැර යෑමය. උතුරු – නැගෙනහිර පළාත්වල ඉතිරි වූයේ සමස්ත දෙමළ ජනගහණයෙන් 48%ක් වැනි ප‍්‍රමාණයකි. කොටි නායකයා සූදු අන්තුවෙකු පරිද්දෙන් දෙමළ ඊළමක් සඳහා සමස්ත දෙමළ ජනතාවගේ ජීවිත උගසට තැබීමට ක‍්‍රියා කළේය. ඔහු හැසිරුණේ තම තම අනුගාමිකයින්ට යුද කිරීම හෝ මරණය තෝරා ගැනීම විනා වෙනත් විකල්පයක් ඉතිරි නොවන පරිදිය.

මේ වසර තිහක ඛේදය නිසා බොහෝ දේ විනාශ වූයේ සිංහලයන්ටත් වඩා දෙමළ ජනතාවට බව පැහැදිලි කරුණකි. එය එල්ටීටීඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා තමිලිනී ජෙයකුමාරන් විසින් රචිත ස්වයංචරිතාපදානයේ සිංහල පරිවර්තනය ”තියුණු අසිපතක සෙවණ යට” කියැවීමේදී පැහැදිලිව හෙළිවේ. කොටි සංවිධානය දෙමළ සමාජයේ විමුක්ති ස`ගයා නොවූ බවට ද කරුණු රැුසක් ”තියුණු අසිපතක සෙවණ යට” කෘතියේ ලියැවී ඇත. තමිලිනී පෙන්වා දී ඇති පරිදි සැබෑ කැමැත්තෙන් සංවිධානයට එක් වී ඇත්තේ ඉතාමත් සුළු කොටසක් පමණි. කොටි සංවිධානයට ළමුන් බඳවාගැනීමේ ක‍්‍රියාවලිය ඉතා ගැඹුරින් සමාජය තුළින් ප‍‍්‍රශ්න කෙරෙන අවස්ථාවක් ප‍‍්‍රායෝගික සිදුවීමක් ඔස්සේ ඇය සිය ග‍‍්‍රන්ථයේ දක්වා ඇත. මෙය හද කකියවන සුලූ පුවතකි. එයින්ම දෙමළ ජනයා ප‍‍්‍රභාකරන් නිසා කොතරම් පීඩනයට ලක්වූ බව පැහැදිලි නොවන්නේද? ඊළම සමග ප‍්‍රභාකරන් මියයෑම දෙමළ ජනයාට සැබවින්ම සහනයක් නොවන්නේ යැයි පවසන්නේ කවරකුද? මේ එම උපුටා දැක්වීමය.

”උසස් පෙළ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යාවක් පුහුණුව සඳහා යොමුකර තිබුණි. දිනක් ඇයගේ පියා කඳවුරට පැමිණියේ ය. ඔහු වෙනත් මවුපියන් මෙන් සටන්කාමීන්ට බැණවැදීමක් හෝ තම දියණිය ඉල්ලා ආඬා වැළපීමක් හෝ කළේ නැත. දෙපා අක‍්‍රිය ඔහු පැමිණ සිටියේ රෝද පුටුවක උපකාරයෙනි. ව්‍යාපාරය වෙනුවෙන් ඔහු සම`ග කතා කළ යුතු වන්නේ මාය.

”නංගියේ මං අන්ත දුප්පත් හි`ගන්නෙක්. හම්බවෙන කුලියක් මලියක් කරලා ලැබෙන තුට්ටු දෙක එකතු කරලා තමයි මගේ කෙල්ලට ඉගැන්නුවේ. දුව අරගලයට එකතු වුණ එක ගැන මගේ දුකක් නෑ. ගමේ රටේ සිද්ධ වෙන දේනේ ඒක. ඒ වුණත් දුවේ හෙට පිටරටවල්වල ඉඳන් දොස්තරලා ඉංජිනියර්ස්ලා වෙලා ඉගෙනගන්න අය මෙහෙට එනකොට රට වෙනුවෙන් සටන් කරපු මගේ දුවයි, අපේ පවුලයි ඒ අය ඉස්සරහ ඉගෙන ගත්තේ නැති හි`ගන්නො හැටියටනෙ ඉන්න වෙන්නේ.”

දිවයින

චතුර පමුණුව

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More