දේශීය පුවත්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය ශ්‍රී ලංකා පොදුජන සන්ධානය සමඟ එක්ව සිදු කරන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව, එහි සභාපති හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස්වුණේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදීය.

ආරක්ෂිත ක‍්‍රමවේද යටතේ එළඹෙන මහමැතිවරණයට අදාළ ප‍්‍රචාරණ කටයුතු සිදු කළයුතු ආකාරය සහ කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ ඊයේ (18) පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව තිබේ.

කොරෝනා වසංගතය මැඩලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට ඉදිරියටත් සහය දැක්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එහිදී තීරණය කළ බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ ඉදිරි මහමැතිවරණයට තරග වදින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින්ගේ ජයග‍්‍රහණය සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ප‍්‍රචාරණ වැඩපිළිවෙළක් දියත් කිරීම කෙරෙහි ද අවධානය යොමු වී තිබේ.

මධ්‍යම කාරක සභා රැස්විම පැය දෙකකට ආසන්න කාලයක් පැවැති බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More