දේශීය පුවත්

කාබනික පොහොර ගොවීන්ට හදුන්වා දීමේ දි කිසිදු  බලපෑමකට සහ මුදලකට යටත් නොවන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කෘෂිකර්ම නිළධාරීන් හමුවේ පැවසුවාය.

එවැනි බලපැම් වලට යටත් වෙමින් නිළධාරින් සිදු කරන්නේ රටේ දරුපරපුරට වසවිස කැවීම බවද ආණ්ඩුකාරවරිය කීවාය.
‘සෞභාග්‍යා’ ගෙවතු වගා වැඩසටහනට සමගාමීව වසවිසෙන් තොර කාබනික පොහොර වගාවකට ගොවියා යොමු කරන “දැයට හිතැති ගොවිතැන” වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ආණ්ඩුකාරවරිය ඊයේ(18) පෙරවරුවේ මේ බව කියා සිටියාය.
කන්තලේ ගන්තලාව අක්කර 500 යායේ පිහිටි කාබනික පොහොර යෙදූ ආදර්ශ කුඹුරේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරිය මෙම රැස්වීමට සහභාගීවීම ද විශේෂත්වයකි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේ ද පැවසුවාය.
“කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මැදිහත් වෙලා වගකීමෙන් යුතුව ගොවියාව කාබනික පොහොර වගාවට යොමු කරන්න ඕනේ. ඒ නොදැනුවත්කම නැති නිසා තමයි ගොවියෝ රසායනික පොහොර හොයාගෙන කඩවල් ගානේ යන්නේ. නීතිඥානුකූල නොවන පලිබෝධනාශක නැගෙනහිර පළාතෙන් තුරන් කිරීමට අවශ්‍ය තීන්දු තීරණ අපි ගන්නවා. එවැනි වෙළදසැල් තිබුණොත් වහාම ඒ ගැන පොලිසියට දන්වන්න. ඒ සදහා දෙපාර්තමේන්තුවක් විදිහට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහය අවශ්‍යයි .රටේ සෑම මනුෂ්‍යයන්ටම අයිතියක් තියෙනවා වසවිසෙන් තොර ආහාරපාන ගන්න. හැබැයි අද වෙළදපොළේ එම ආහාරවල මිල අධිකයි. මෙය සාමාන්‍ය ගොවිතැනක් බවට පත්වුවහොත් ඉබේම වෙළදපොළේ මේ ආහාර වල මිල ගණන් අඩු වෙනවා. අපි ඒ නිසා තමයි වසවිසෙන් තොර වගාවකට ගොවියා නැඹුරු කරන්න ඕනේ. මෙහි සාර්ථක ප්‍රතිඵල යොදා ගත්තොත් එය මුළු රටටම ආදර්ශයක් වෙන ගොවිතැනක් බවට පත්වෙයි” යැයි ද ආණ්ඩුකාරවරිය පැවසුවාය.

මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී.වනිගසේකර, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඒ.සිවනාදන්, දැයට හිතැති ගොවිතැන ව්‍යාපෟතියේ අධ්‍යක්ෂ ආචාර්ය කීර්ති වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව,සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිළධාරින් පිරිසක් ද  මේ අවස්ථාවට එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More