විදේශ පුවත්

“බහු වාර්ගික, බහු සංස්කෘතික හා බහු විශ්වාස සහිත රුසියානු ජන සමාජය රටකට වඩා සැබවින්ම වෙනස් ශිෂ්ටාචාරයක්” බව ඉරිදා Russia-1 නාලිකාව හරහා විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපති ව්ලැදිමීර් පුටීන් පැවසීය. රුසියාව තම ස්වාධීනත්වය තවදුරටත් පවත්වා ගැනීමට නම් එයට අති නවීන තාක්ෂණය එක් කර ගත යුතු බව ඔහු තවදුරටත් පවසා තිබේ.

එහිදී කෘතිම බුද්ධිය ජාන තාක්ෂණ විද්‍යාව වැනි තාක්ෂණයන් පිළිබඳ පර්යේෂණ කිරීමේ අවශ්‍යතාව කෙරෙහි ඔහුගේ අවධානය යොමු වී ඇත. එමෙන්ම දැනට වෙනත් කිසිදු රටක් සතුව නොමැති හයිපර්සොනික් ආයුධ පද්ධති තමන් සතුව පැවතීම රුසියාවේ ඉංජිනේරු තාක්ෂණයේ ශක්තිමත් බව විදහාපාන සාධකයක් බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

ජනපති පුටින් ගේ උපදෙස් පරිදි මෙවර වාර්ශික අයවැයෙන් රූබල් මිලියන 2000 ක් වෙන්කරමින් රටම ආවරණය වන පරිදි ජාන සංකීර්ණ පද්ධති තුනක් ඉදිකිරීමට රුසියාව පියවර ගෙන ඇත. එම සෑම පද්ධතියක්ම ඒ හා අනුබද්ධිත විශ්වවිද්‍යාලයකින්, පර්යේෂණ ආයතනයකින් හා එම පර්යේෂණ ප්‍රතිඵල නිපදවීම සඳහා සැකසූ නිෂ්පාදනාගාරයකින් සමන්විත වේ.

Novosibirsk නගරයේ පිහිටා ඇති ජාන පර්යේෂණ ආයතනයෙන් මේ වන විටද පිළිකා මර්දනය සඳහා ප්‍රතිකාරයක් සොයා ගෙන ඇති අතර එය සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති බව රුසියානු වාර්තාවල දැක්වේ. ඔවුන් මෙම වසර අග වන විට ජාන තාක්ෂණය උපයෝගී කරගෙන නිමැවූ මෙම ප්‍රතිකාරය ලොවට හඳුන්වා දීමට අපේක්ෂා කරන බව සඳහන් වේ.

මූලාශ්‍ර
www.rt.com

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More