රට වෙනුවෙන් දිවි පිදූ විරෝධාර රණවිරුවන් සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරෙන 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) පැවැත්විමට නියමිතව තිබේ.
බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී අද පස්වරු 04.00ට ආරම්භ වන සැමරුම් උත්සවය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු විශාල පිරිසක් සහභාගිවිමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කර ඇති සැමරුම උත්සවය සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස්වලට අනුකූලව පැවැත්විමට සැලසුම් කර තිබේ.
2009 වසරේ මැයි මාසයෙන් අවසන් වූ එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහි සටනේදී උත්තරීතර කැප කිරිම් සිදු කළ යුද හමුදාවේ 23,962 දෙනෙකු, නාවික හමුදාවේ 1160 දෙනෙකු, ගුවන් හමුදාවේ 443 දෙනෙකු පොලිසියේ 2598 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 456 දෙනෙකු මෙම උත්සවයේදී ගෞරවයෙන් සිහිපත් කිරිමට නියමිතයි.
මෙම සැමරුම් උත්සවය සදහා රට වෙනුවෙන් දිවි පිදූ විරෝධාර රණවිරුවන්ගේ ඥාතීන් ද සහභාගීවිමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...