දේශීය පුවත්

කොරෝනා ව්‍යාප්තියට ඉඩ නොලැබෙන ආකාරයට සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන බවට රජයේ සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් වගවීම් සහතිකයක් ලබා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

රාජකාරී කටයුතු සඳහා යළි වැඩ අරඹන සෑම ආයතනයකම ප්‍රධානියා විසින් මෙම වගවීමේ සහතිකය ලබා දිය යුතුව ඇත. ඒ ඒ ආයතනවලින් සපයන සේවාවන් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශ ලැයිස්තුවක් ලබා දෙන අතර ඒ අනුව කටයුතු කරන බවට වගකීම භාර ගනිමින් මෙම සහතිකය අමාත්‍යාංශයට භාර දිය යුතු බව සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (18 වැනිදා) ප්‍රකාශ කළාය.

මීට අමතරව ආගමික ස්ථානවලට එක වරකට බැතිමතුන් දසදෙනෙකුට පමණක් යාමට අවසරය ලබා දීම කෙරෙහිද සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුවී ඇත.

මෙසේ නිකුත් කෙරෙන ගැසට් නිවේදනයට අනුව කටයුතු කරන්නේද යන්න පිළිබඳ අධීක්ෂණය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ ප්‍රජා පොලිස් නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරිය ප්‍රකාශ කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More