ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැර නොයන බවට පක්ෂ මූලස්ථානයට ඊයේ (18) සවස රැස් වූ මධ්‍යම කාරක සභා සාමාජිකයන්ගෙන් අත්සන් ලේඛනයක් ගැනීමට පියවර ගෙන ඇත.
පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස්වූ අතර පැමිණි සිටි අය අතරින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල හැර සෙසු සාමාජිකයන් අත්සන් ලබාදී ඇත.
නාමයෝජනා නොලැබීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින් තිදෙනෙකු මෙහිදී පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේනගෙන් ප්‍රශ්න කර ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිශාන්ත මුතුහෙට්ටිගම, ජීවන් කුමාරතුංග සහ ගාමිණි තිලකසිරි යන අය මෙම ප්‍රශ්න කර තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...