විදේශ පුවත්

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය මර්දනය කළ හැකි එන්නතක් නිෂ්පාදනය කළ පසු එය ‘ගෝලීය පොදු භාණ්ඩයක්’ බවට පත් කරන බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් අද (18) ප්‍රකාශ කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වැනි වාර්ෂික සමුළුව අමතමින් චීන ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේය. ඉතිහාසයේ පළමු වරට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සමුළුව අද (18) විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

ඉදිරි වසර දෙකක කාලයේදී ‘කොවිඩ්-19’ වසංගතයට එරෙහිව ගන්නා ගෝලීය ක්‍රියාමාර්ග සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක මුදලක් ලබාදෙන බව ද චීන ජනාධිපතිවරයා එහිදි කීය.

මේ වනවිට ලොවපුරා පැතිර ගොස් තිබෙන නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් යැයි බොහෝ සෞඛ්‍ය විශේෂඥයෝ විශ්වාස කරති.

‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සම්බන්ධයෙන් චීනය සෑම විටම විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ බව ද ලෝක සෞඛ්‍ය සමුළුව අමතමින් චීන ජනාධිපතිවරයා කීවේය.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් කෙරෙන ‘‘පුළුල් ඇගයීමකට හා විමර්ශනයකට’’ චීනය සිය පූර්ණ සහයෝගය දෙන බව ද හෙතෙම කීය.

චීනය මේ වනවිට වයිරසය පාලනය කර ඇති බව ද ඔහු පැවැසීය.

‘‘චීනය සෑම විටම විනිවිදභාවයෙන් කටයුතු කළා. අපි වගකීම් සහ විවෘත ආකල්පයකින් කටයුතු කළා’’ යැයි චීන ජනාධිපතිවරයා තවදුරටත් කීවේය.

.එෆ්.පී

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More