දේශීය පුවත්

ලංකා ඉන්දියානු ඔයිල් සමාගම 2020/05/17 දින සිට පෙට්රල් ලීටරයක මිල රැපියල් 5.00 කින් ඉහළ දමා ඇති බවත් ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ පෙට්රල් සදහා රජය බදු වැඩි කර ඇති බවත් ලෝක වෙළදපොලේ බොර තෙල් මිල සීග්‍රයෙන් පහළ යද්දී ඉන්දියානු ඔයිල් සමාගම මෙසේ පෙට්රල් මිල වැඩි කිරීම පුදුම සහගත යැයි පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

මාධ්‍ය නිවෙදෙනයක් නිකුත් කරමින් එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ…

පෙට්රල් ලීටරයක මිල රැපියල් 5.00 කින් වැඩි කිරීම නිසා ඔවුන් අලෙවි කරනු ලබන පෙට්රල් වල ඉල්ලුම අඩු වී ලාභය අඩු වීම ආර්ථික විද්‍යාත්මක න්‍යායයි. එසේ නම් ඉන්දියන් ඔයිල් සමාගම මෙම අවස්ථාවේ පෙට්රල් මිල වැඩි කළේ ඇයි? ඉන්දියානු ඔයිල් සමාගම මෙරට ප්‍රධාන වශයෙන් ලාභ ලබන ව්යාඩපාරය වන්නේ විදේශ නැව් සදහා ඉන්ධන අලෙවි කිරීමයි. එසේ කිරීමෙන් ඔවුන් විශාල ලාභයක් ලබා ගනී. ඔවුන් ඒ සදහා වන බලපත් ලබා ගෙන ඇත්තේ මෙරට ඉන්ධන අලෙවිසැල් ආරම්භ කිරීම තුළිනි. එම නිසා එම සමාගමට මෙරට පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට අවශ්‍යතාවයක් නොමැත.

කෙසේ වෙතත් මෙරට පාරිභෝගිකයින්ට ඉන්ධන අලෙවි කිරීමෙන්ද ඉන්දියානු ඔයිල් සමාගම අසීමිත ලාභයක් ලබා ගනී. එක් පෙට්රල් ලීටරයක් අලෙවි කිරීමට හැසිරවීම සදහා ඔවුන්ට වැය වන්නේ රැපියල් 14.00 ක මුදලක් පමණි. ඒ ඔවුන්ගේ ලාභයද සමගය. එම මුදලට පෙට්රල් ලීටරයක් ආනයනය කිරීමට යන මුදල හා රජයේ බදු මුදල් එකතු වූ විට පෙට්රල් ලීටරයක් සදහා වැය වන මුදල ලැබේ. එම මුදලෙන් පෙට්රල් ලීටරයක් අලෙවි කරන ලබන මිල හා සංසන්දනය කල හොත් ඉන්දියානු ඔයිල් සමාගම ලබා ගන්නා ලාභය සොයා ගත හැක.

ඉන්ධන අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කරන ලෙස ඉල්ලා සහ ඉන්ධන මිල තීරණය කිරීමේ බලය පාරිභොගික අධිකාරියට ලබා ගන්නා ලෙස බල කරමින් අප සංවිධානය විසින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර ඇත.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේ ඉන්දියානු ඔයිල් සමාගම පෙට්රල් ලීටරයක මිල ඉහළ දැමීම ඉතාම අසාධාරණ ක්රිවයාවක් වන බැවින් ඒ පිළිබදව සොයා බලා එම සමාගම අලෙවිකරනු ලබන පෙට්රල් වල මිල අඩු කිරීමට කටයුතු කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි
මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ- සභාපති – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්යාපපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More