‘‘අවසන් කළ යුද්ධයේදී අපි ඉවර කළේ කොටියාගේ වලිගේ විතරයි. උගේ අනෙක් කොටස් ලෝකය පුරා පැතිරී තියෙනවා’’ යැයි අද්මිරාල් සරත් වීරසේකර පවසයි.
ගාඩියන් පුවත්පතේ ඊළම යනුවෙන් ශ්‍රී ලංකාව හඳුන්වා තිබීම පිළිබඳව අදහස් දක්වමින් අද්මිරාල්වරයා මේ බව පැවසීය.
‘‘ශ්‍රී ලංකාවේ පොළොවෙන් කොටියා අතුගාලා දැම්මට උගේ ඔළුව, අත, කකුල් කැනඩාව, ජර්මනිය, එංගලන්තයේ තියෙනවා. රෝම කූප තමිල්නාඩුවේ ඉඳන් ලෝකය පුරා තියෙනවා. පවතින රජයත් එක්ක එකතුවෙලා මේ ඊළාම් සිහිනය සම්පූර්ණයෙන්ම බිඳ දාන්න ඕනෑ.
දෙමළ ඩයස්පෝරාව ඉතාම ශක්තිමත් විදිහට යුරෝපයේ ක්‍රියාත්මක වන නිසා අපිට සිද්ධ වෙනවා රජයේ සම්පූර්ණ ශක්තිය යොදවලා මෙයට විරුද්ධ වෙන්න. ගාඩියන් පුවත්පත මේ සිදුවීම ඔවුන් ඉල්ලා අස්කර ගත්තේ රජය ඉක්මනින් මැදිහත් වුණ නිසයි. එය එක්තරා ජයග්‍රහණයක් විදිහට සලකන්නත් පුළුවන්’’ යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...