ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි කිහිපයකට වෙබ් අඩවි කිහිපයක් ඊයේ (17) දින සයිබර් ප්‍රහාර මාලාවකට ගොඳුරු වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.
ඊයේ දින සිදුවී ඇති සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හඳුන්වනු ලබන අතර සයිබර් ප්‍රහාරයට වෙබ් අඩවි පහකට ආසන්න සංක්‍යාවක් ගොඳුරුවී ඇති බවට එම සංගමයට තොරතුරු වාර්තා වී තිබේ.
මෙම සයිබර් ප්‍රහාරය 2014 වසරේ සිට සිදුවන සයිබර් ප්‍රහාරයක් වන අතර වෙබ් අඩවි පවත්වා ගෙන යනු ලබන පාර්ශවයන් විසින් වෙබ් අඩවි වල ආරක්ෂාව කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීම නිසා ඔවුන්ගේ වෙබ් අඩවි සයිබර් ප්‍රහාරවලට ගොඳුරු වී ඇතැයි ඔවුන් පවසයි.
පසුගිය වසරේදී මෙලෙසම සයිබර් ප්‍රහාරයට ගොඳුරු වූ චීන තානාපති කාර්යාලයේ සහ රජරට විශ්වවිද්‍යාලයයේ වෙබ් අඩවි මේ වසරේ දී ද සයිබර් ප්‍රහාරයට නතුවී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි.
මේ අතර ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක වෙබ් අඩවියක්ද මෙම සයිබර් ප්‍රහාරයට ගොඳුරු වී ඇති බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙතට තොරතුරු වාර්තා වු බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා පවසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...