දේශීය පුවත්

මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 7500කින් පමණ ඉහළ දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

මෙතරම් සංඛ්‍යාවක් එක් වසරකදී වැඩි කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

ඒ අනුව ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව තිස් අට දහසකට ආසන්න වනු ඇතැයි ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව 1480 සිට 1730 දක්වාද, ඉංජිනේරු පීඨ සඳහා ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව 1808 සිට 2058 දක්වාද වැඩි කෙරේ.

වැඩි කෙරෙන සිසුන් වෙනුවෙන් අවශ්‍ය අමතර මුදල් හා වෙනත් අවශ්‍යතා කවරේද යන්න පිළිබඳ ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ වනවිට ඒ ඒ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් විමසා තිබේ.

ඒ ඒ පීඨ වෙනුවෙන් අමතරව ඇතුළත් කළ යුතු ශිෂ්‍ය සංඛ්‍යා පිළිබඳ තොරතුරු එම විමසුම් ලිපියට ඇතුළත් කර ඇත.

ඇතුළත් කෙරෙන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන ඇත්තේ පසුගිය උසස් පෙළ විභාගයට නව හා පැරණි නිර්දේශ යටතේ සිසුන් දෙපිරිසක් පෙනී සිටීමේ ගැටලුව නිසාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More