දේශීය පුවත්

අද මෙරට විපක්ෂය සටන් පාඨ නොමැතිව අනාථ වී ඇති බවත් ඒ නිසා ආණ්ඩුව කොරෝනා මර්දනය සඳහා ගනු ලැබූ සාර්ථක පියවරයන් විවේචනය කිරීමටත් ඒ පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැට්ටවීමටත් ඔවුන් ඉතා පටු සහ කුහක ආකාරයට කටයුතු කරන බවත් ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි.

පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ පැවසුවේය.

ලොව බලවත්ම රාජ්‍යයන් කොරෝනා වසංගතය පාලනයට අසමත් වෙද්දී මෙරට සෞඛ්‍ය අංශ පමණක් නොව බුද්ධි අංශ ඇතුළත්ව ආරක්ෂක අංශ ද යොදවා ගනිමින් වසංගතය සාර්ථකව පාලනය කිරීමට අද ආණ්ඩුව සමත් වී ඇති බව පෙන්වා දුන් සමරවීර මහතා, එවැනි තත්වයක් හමුවේ විපක්‍ෂය පෙන්නුම් කළේ ලොව කිසිදු රටක විපක්ෂයක් සිදු නොකරන අන්දමේ පිළිකුල් සහගත භාවිතයක් බව ද සඳහන් කළේය.

ත්‍රිවිද හමුදාව හා බුද්ධි අංශ, වසංගත රෝග පාලනයට යොදවා ගැනීම වැරදි තීන්දුවක් බව පවසමින් රණවිරුවන්ට මානසික බාධාවක් ඇති කරමින් ද සැබෑ මරණ හා ආසාදිතයන් සංඛ්‍යාව සඟවමින් තොරතුරු වසන් කරනවා යැයි කියමින් ජනතාව තුළ කුකුසක් ඇති කරමින් ද ජනාධිපතිවරයාගේ මුදල් බලතල සම්බන්ධයෙන් අසත්‍ය කරුණු සමාජගත කරමින් ද සිදුකළ පහත් පෙළේ ක්‍රියාවන් නිසා එළඹෙන මහ මැතිවරණයේදී රනිල් – සජිත් දෙපිළ මිහිදන් වීමත් 3%ක ජනවරමක් හිමිව තිබූ ජවිපෙ අතුරුදහන් වීමත් නිසැක බව හිටපු පරිසර රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ලොවටම ආදර්ශයක් වූ මෙරට කොරෝනා වසංගත පාලන ක්‍රියාන්විතය සම්බන්ධයෙන් ගජබින්න ඇද බෑ විපක්ෂය, ‘කිඹුල් කෝලමක්’ පෙන්වා රටම නොමඟ යැවූ, මෙරට ඉතිහාසයේ දූෂිතම සෞඛ්‍ය අමාත්‍යවරයා වූ රාජිත සේනාරත්න වැනි වංචනිකයකු සම්බන්ධයෙන් ගෙන ඇති අධිකරණමය ක්‍රියාමාර්ග දේශපාලන පලිගැනීම් බවට වර ගැන්වීමේ අසාර්ථක උත්සාහයක නිරතව සිටින බව ද සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

‘සෞභාග්‍යයේ දැක්ම’ යථාර්ථයක් කළ හැකි නැණවත්, ගුණවත්, බලවත් පාලනයක් බිහිකර ගැනීම මෙරට බහුතර ජනතාවගේ අභිලාෂය බවත් එය ඉටුකරගත හැකි පරිදි, සෞඛ්‍ය අංශවල අනුමැතිය ලැබුණු වහාම කොවිඞ් – 19 වසංගත තත්වයට අනුරූපී නිර්ණායක ද සහිතව මහ මැතිවරණය පැවැත්වීම සඳහා පියවර ගන්නා ලෙස තම පක්ෂය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව ජානිපෙ ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් පැවසුවේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More