ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශ‍්‍රිතව පැවැති ‘අම්ෆන්’ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බැවින් අද (18 වැනිදා) දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට මිලිමීටර් 150ට වැඩි වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ‘අම්ෆන්’ චණ්ඩ සුළි කුණාටුවේ බලපෑම මත දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවත් එය ඇතැම් ස්ථානවල ඉතා තද වර්ෂාපතනයක් දක්වා ඉහළ යා හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින හරහා සුළෙඟ් වේගය විටින් විට පැයට කිලෝමීටර 50- 60 දක්වා වැඩි විය හැකි බවත් සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (18 වැනිදා ) දිවයින පුරා අහස වළාකුළින් බරව පවතිනු ඇති බවටත් අනාවැකි පළ කරයි.
එසේම දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...