පුරවැසි කොලම

කොටි ත‍්‍රස්තවාදය පරාජය කර 11 වසරක් සපිරෙන්නේ අද දිනයේය.

ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් ‘මැයි මස දහඅට වැනිදා‘ ශ‍්‍රී ලංකාවේ තිස් අවුරුදු සිවිල් යුද්ධය නිල වශයෙන් නිම වූ දිනය හැටියට ප‍්‍රකාශයට පත් කරන ලද්දේ 2009 මැයි 18 වැනිදාය. හමුදා සහ කොටි සංවිධානය අතර පැවැති අවසන් ගැටුම් මුල්ලිවෛක්කාල් භූමියේදී හමුදාවේ ජයග‍්‍රහණයෙන් නිම විය. කොටි නායක ප‍්‍රභාකරන්ගේ දේහය හමුවූයේ මැයි 19 වැනිදා නන්දිකඩාල් කලපු තීරයෙනි.

ප‍්‍රභාකරන්ට සිය මරණීය උණ්‌ඩය වැදී තිබුණේ නලලේ වම් පැත්තට වන්නටය. අවසන් මෙහෙයුමේ දී විජයබා රෙජිමේන්තුවේ භටයකුගේ වෙඩි ප‍්‍රහාරයකින් ප‍්‍රභාගේ හිස සුනුවිසුණු විය. මැයි 17 වැනිදා වන විට නන්දිකඩාල් කලපුවේ කණ්‌ඩායම් තුනක්‌ ලෙසට එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්ත නායකයෝ ස්‌ථානගත වී සිටියහ. ‘බාබු’ හා ‘සුසෙයි’ එක්‌ කණ්‌ඩායමක්‌ ලෙසත් ‘පොට්‌ටු අම්මාන්’ ඇතුළු පිරිස තවත් කණ්‌ඩායමක්‌ ලෙසත් ප‍්‍රභාකරන් ඇතුළු පිරිස තවත් කණ්‌ඩායමක්‌ ලෙසත් කලපුව අවට ස්‌ථානගත වී සිටියහ. එහෙත් ප‍්‍රභාකරන්ගේ පණ සුන් සිරුර හමුවූයේ 19 වැනිදා පෙරවරුවේ නන්දිකඩාල් කලපුව අසල වැටී තිබියදී ය. ප‍්‍රභාකරන්ගේ බිරිඳ මෙන්ම දියණිය ද්වාරකාගේ සිරුරුත් පසුව සොයා ගැනීමට හැකිවිය. වැඩිමහල් පුතා වන ත‍්‍රස්තවාදී චාල්ස්‌ ඇන්තනීගේ දේහයත් මැයි 17 වැනිදා වන විටම සොයා ගෙන තිබිණි.

2006 වසරේ ජුලි 21 වැනිදා මාවිල්ආරු සටනින් ආරම්භ වූ යුද්ධය අවසන් වන්නේ ප‍්‍රභාකරන්ගේ මරණයෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More