දේශීය පුවත්

විජයග්‍රහණයේ 11 වන සැමරුම හෙට (19 වැනිදා) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය ඉදිරිපිටදී ඉතාමත් චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව පස්වරු 4ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් විජයග්‍රහණයේ සැමරුම පැවැත්වීමට නියමිතය.

කොවිඩ් 19 වසංගතය පැවතියද විජයග්‍රහණයේ සැමරුම පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

රටේ කුමන තත්ත්වයක් පැවැතියද රණවිරුවන් අමතක කළ නොහැකි බවත් රණවිරුවන් ජීවිත පූජා කළේ රටට සාමය ලබාදීමට ඇපකැප වී කටයුතු කළ නිසා බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More