දේශීය පුවත්

කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගවලට නීතිමය නිවේදනයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අත්සන් නොකිරීම නිසා වෛද්‍ය නිලධාරීන්, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අසීරුතාවට පත්ව සිටිති.

1879 අංක 3 දරන නිරෝධායන රෝග සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනතේ කොවිඩ් 19 සඳහා වූ නියෝග පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව තිබුණි. මෙම ගැසට් නිවේදනය නීති කෙටුම්පත් කර සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු කර ඇතත් මෙතෙක් ඊට අත්සන් තබා නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමය සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ඊයේ (17 වැනිදා) යොමු කළ ලිපියක මේ බව සඳහන් වෙයි. මෙම ඉල්ලීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවැත් වූ සාකච්ඡාවකදී දැනුම් දුන් බවද සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

කොවිඩ් 19 රෝගියකු විමර්ශන කිරීම, පාලනය කිරීම, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම, රෝහල්ගත කිරීම, මාතෘ ශරීර සඳහා සිදුකරන නෛතික ක්‍රියාමාර්ග නිවැරදිව ගැසට් කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසියට බලතල ලබාදීම මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් සිදුවෙයි.

තම රාජකාරි සඳහා නීතිමය රැකවරණය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරිය කටයුතු නොකරන්නේ නම් මෙම සතියේදී කොවිඩ් 19 රාජකාරිවලින් ඉවත් වන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More