දේශීය පුවත්

මැතිවරණ දිනය හා මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම පිළිබඳව මැතිවරණ කොමිසමේ එකඟතාවයක් නොමැති වීම හේතුවෙන් මැතිවරණ නිලධාරීන් හා දේශපාලන පක්ෂ දැඩි අසීරුතාවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා නිළධාරීන් , ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති නමුත් සමහර සාමාජිකයන් දරන දැඩි මත නිසා කොමිසමේ සාමාජිකයින් සියලූ‍ දෙනාට එකගතාවකට ඒමට නොහැකි වී ඇති බවද වාර්තා වෙයි .

මැතිවරණ දෙපාර්තමේන්තුව පැවැති කාලයේ දී යුද ගැටුම්, කෝලහල, ස්වභාවික විපත් පැවතිය ද අවශ්‍ය තීරණ ගෙන ජාතික මැතිවරණ පැවැත්වු නමුත් මැතිවරණ කොමිසම ඇති කිරීමෙන් පසුව එක් ස්ථාවරයක සිට මැතිවරණ පැවැත්වීම අසීරු වී ඇතැයි නිළධාරීහු පවසති

මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය තීරණ ගැනීමට නීත්‍යානුකූල බලය ඇතත් නිවැරැුදි තීරණ නොගැනීමෙන් කොමිසම කෙරෙහි ජනතාවට ඇති විශ්වාසය ගිලිහෙමින් පවතින බවද ඔවුහු පවසති .

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More