දේශීය පුවත්

කොරෝනා වසංගතය හේතුවෙන් පවත්නා මූල්‍යමය අපහසුතාවය  මඟහරවා ගැනීම සඳහා රජයට දිනක වැටුප පරිත්‍යාග කිරීම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ට අදාළ නොවන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් රජය මුහුණ දී ඇති මූල්‍යමය අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා පසුගිය සතියේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර රජයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටියේ මැයි මාසයේ මුළු වැටුප හෝ දිනක වැටුප වැන්දඹු හා අනත්දරු  විශ්‍රාම අරමුදලට පරිත්‍යාග කරන ලෙසයි.

මෙම ඉල්ලීමෙන් පසුව, අමාත්‍යාංශය විසින් සියළුම ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් යවා ඇති අතර, වර්තමාන මූල්‍යමය අපහසුතාවය  මඟහරවා ගැනීම සඳහා ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් මැයි මස  වැටුපෙන් යම් ප්‍රමාණයක් වැටුපෙන් අඩක්, සතියක හෝ දිනක වැටුප පරිත්‍යාග කරන ලෙස ඉල්ලා ඇත.

“ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දරගේ ඉල්ලීමට අනුව තම අභිමතය පරිදි ඔවුන්ගේ වැටුප් පරිත්‍යාග කරන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.” ඔහු පැවසීය.

සමාජ මාධ්‍ය මගින් සන්නද්ධ හමුදාවන්ගෙන් සහ පොලීසියෙන් දිනක වැටුප් කප්පාදුවක් සිදු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නියෝග නිකුත් කර ඇති  බව පවසා තිබීම ප්‍රතික්ෂේප කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න පවසා සිටියේ මෙම ඉල්ලීම සොල්දාදුවන්, නැවියන්, ගුවන් භටයින්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සදහා අදාළ නොවන බවයි.

කෙසේ වුවද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, වැඩබලන පොලිස්පති සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දෙමින් ආරක්ෂක ලේකම් පවසා සිටියේ දිනක වැටුප පරිත්‍යාග කිරීම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අදාළ නොවන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More