අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගින් 263 දෙනෙකු හමුවි ඇති බවත් මින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා අද(17) පැවසිය.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පළාත් පාලන ආයතන නියෝජිත හමුවකදි වෛද්‍ය සෝමතිලක මහතා මේ බව පැවසිය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා මෙසේද පැවසිය.
“ඩෙංගු රෝගයෙන් මිය ගිය දෙදෙනා තලාව ප්‍රදේශයේ පදිංචි කරැවන් දෙදෙනෙක්.මින් එක් අයෙක් 16 හැවිරිදි පාසල් සිසුවෙක්.අනෙක් පුද්ගලයා 39 හැවිරිදි පොලිස් නිලධාරියෙක්.
ජනවාරියේ සිට මේ දක්වා ඩෙංගු රෝගින් 263 දෙනෙකු හමුවි තිබෙනවා.ඩෙංගු රෝගය ව්‍යාප්ත වුනේ අනුරාධපුර නගර සභා බල ප්‍රදේශයෙන්.
අනුරාධපුර නව නගරය,බැංකු පෙදෙසින් ඩෙංගු කීටයන් බහුලව පැතිර තිබෙනවා.ඒ වාගේම දිවයිනේ ඩෙංගු රෝගින් බහුලව ඉන්න ස්ථනය ලෙසට අනුරාධපුර නගර සභා බල ප්‍රදේශය දසවන ස්ථානය ලබා තිබෙනවා.‘‘

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...