දේශීය පුවත්

අම්පාර දිස්ත්‍රික්කයේ පානම්පත්තුවේ පිහිටි මුහුදු මහා විහාරයට අයත් භූමියේ පවුල් පන්සීයක පමණ පිරිසක් අනවසරයෙන් පදිංචි වී ඇතැයි අනාවරණය වෙයි. මෙම පිරිස මුස්ලිම් ජාතිකයෝ වෙති.

මෙම පදිංචිකරුවන් පිරිසකට මේ වෙනවිට බලපත්‍ර ලබාදී ඇති බව ද හෙළිවෙයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී වන සම්පත් සහ පරිසර ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේ මුහුදු මහා විහාරයට අයත් භුමිය යළි මැනුම් කටයුතු සිදුකිරීමට අදාළ අංශ වෙත උපදෙස් දී ඇති බවයි.
මෙම භුමිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ වනජීවි දෙපාර්තමේන්තුවට ද අයත් වෙන අතර ඒ ඒ ආයතනවලට අදාළ භූමි එ්වාට පැවරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

මෙම ආයතනවලට අයත් අණපනත් පිළිබඳව නොදැනුවත් වී ඇති ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරු සහ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා මුහුදු මහා විහාරයට අයත් ඉඩම් මුස්ලිම් ජාතිකයන් පිරිසක් බලහත්කාරයෙන් පවරා ගෙන සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ පිළිබඳව මීට පෙර 1951 ක්‍රියාත්මක කළ පළමු ගැසට් පත්‍රයට අනුව කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More