මුහුණු පොතෙන්

එළඹෙන මහා මැතිවරණයේදී රාජපක්ෂවරුන් ශ්‍රී ලංකා දේශපාලනය තුල නව වාර්තාවක් තැබීමට සුදානමින් සිටියි.

ඒ එකම පවුලේ පිය පුතු යුගල දෙකක් පාර්ලිමේන්තුවට තේරී පත් වීම හරහාය.

එළඹෙන මහා මැතිවරණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුනෑගලින්ද, ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා හම්බන්තොටින්ද, මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරු චමල් රාජපක්ෂ මහතා හම්බන්තොටින්ද ඔහුගේ පුත් ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා මොනරාගලින්ද තරග කිරීමට නාම යෝජනා භාර දී තිබේ.

එහිදී ඔවුන් ජයග්‍රහණය කළ හොත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිය පුතු යුගළ දෙකක් පත් වන පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වෙයි.

මිට පෙර දෙමාපියන් හා දරුවන් එකම පාර්ලිමේන්තුව නියෝජනය කළද ඉහත සඳහන් ආකාරයෙන් නියෝජනයක් කිසි දිනක සිදු වී නොමැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More