දිස්ත්‍රික්ක අතර බස් ධාවනයට අවසර දෙන්නැයි ලංකා ගමනාගමන මණ්ඩලය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ අතර දුම්රිය 19 ක් හෙට සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනන්දු මහතා සඳහන් කළේ, මගීන් 11,500 ක පමණ පිරිසක් ඉදිරි සතියේදී දුම්රිය ගමනාගමනය සඳහා ඉල්ලුම් කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවය.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව 7 කි.
මුහුදු බඩ මාර්ගයට දුම්රිය 6 ක් සහ කැලණිවැලි මාර්ගයට දුම්රිය 4 ක් යෙදවීමට නියමිතවේ.
පුත්තලම සහ උතුරු මාර්ගවල ධාවනය සඳහා දුම්රිය බැගින් යොදවන බව ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.
පසුගිය සතියේ දුම්රිය ගමනාගමනය සඳහා ඉල්ලුම් කර තිබුණේ 2600 ක් පමණි.
ඒ හේතුවෙන් දුම්රිය 10 ක් පමණක් ධාවනය එක් කර තිබුණි.
සාමාන්‍ය දිනකදී දුම්රියේ ගමන් කරන මගීන් සංඛ්‍යාව 70,000 ඉක්මවන බව දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...