විදේශ පුවත්

කොවිඞ් 19 වසංගතය කී සැනින් චීනය සිහියට නැගෙන යුගයක ගොඩබිම් දේශසීමාවකින් චීනයෙන් වෙන්ව සිටින වියට්නාමය මේ වසංගතයෙන් ඉතාම අපුරු ලෙසින් ආරක්ෂාව සලසා ගෙන තිබෙනවා. අග්නිදිග ආසියානු කලාපයට අයත් වියට්නාමය මිලියන 75 ක ජනගහණයකින් යුක්ත වුනත් එරටින් කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත්තේ 270 ක් පමණයි. ඒ වගේම අහන්නත් සතුටු අන්දමින් කිසිදු මරණයක් මෙම වසංගතය නිසා එරටින් වාර්තා වෙන්නේ නැහැ.

ඇත්තටම වියට්නාමය කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වුනේ කොහොමද..?

මුලින්ම දේශසීමාව වසා දැම්මා..

කොරෝනා ගැන මුල්ම වාර්තා ලැබෙන විට වියට්නාමය දෙවතාවක් හිතුවේ නැහැ. ඔවුන් චීනය අතර දේශසීමාව වසා දැම්මා.ඒ වගේම කුමන රටක සිට පැමිණියත් ගුවන්තොටුපොලට පැමිණෙන මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමටත් පසුබට වුනේ නැහැ.මේ වැඩපිළිලෙ අනුගමනය කරන විට වියට්නාම රජයට ඒත්තු ගිය කරුණක් වුනේ මේ ආසාදිත වුන මගීන් විදේශගතව පැමිණි අය බවයි. ඒ නිසා ඔවුන් විදේශගතව සිට පැමිණෙන සෑම පුද්ගලයෙකුම දින 14 ක නිරෝධායන කාලයක් වෙනුවෙන් යොමු කරනු ලැබුවා.නිරෝධායන වෙනුවෙන් වියට්නාම රජය විසින් මුදල් ගෙවා සංචාරක හෝටල් ලබා ගෙන තිබේ.තව දුරටත් මේ තත්වය පාලනය කරනු වස් වියට්නාමය විසින් සියළුම විදේශිකයන්ට වියට්නාමයට පැමිණීම තහනම් කරනු ලැබුවා.ඒ අතර වියට්නාම සම්භවයක් සහිත පුද්ගලයන් සිටියත් ඔවුන් වෙනුවෙන් වුනත් ප‍්‍රතිපත්තිමය තීරණය වෙනස් වුනේ නැහැ.

රට ලොක් ඩවුන්

වියට්නාම රජය විසින්ද කොවිඞ් 19 වසංගතය ඉදිරියේ රට ලොක්ඩවුන් කරන ලදී. නමුත් ඔවුන්ගේ ක‍්‍රමවේදය යුරෝපා රටවල් අනුගමනය කරන ලද සියළුම කටයුතු නවතා ජනතාව නිවසට සීමා කිරීම නොවේ.අපේ‍්‍රල් 23 වැනි දින විට හැනෝයි ඇතුළු නගර විස්සක් වසා දමා තිබේ.

ආසාදිත පුද්ගලයන් හුදෙකලා කිරීම

vietnam2කොරෝනා වෛරසයෙන් ආසාදිතයෙක් හඳුනා ගත් වහාම එම පුද්ගලයා හුදෙකලා :ෂිදක්එැ) කිරීම පමණක් නොව ආදාල පුද්ගලයා ඇසුරු කළ ජාලයත් සොයා ගත්තා.වියට්නාමය දකුණු කොරියාව සහ ජර්මනිය අනුගමනය කළ අධික පිරිවැය සහිත උපකරණ වෙනුවට ඔවුන්ගේ සම්පත් තරමට ගැලපෙන නමුත් සාර්ථක කොවිඞ් 19 පරීක්ෂණ කට්ටල නිර්මාණය කරනු ලැබුවා. ඒ අනුව ආසාදිතයන් හඹා යමින් ආසාදිත පුද්ගලයන් හුදෙකලා කිරීමට ඔවුන් විසින් අනුගමනය කරන ලද ‘‘අඩු වියදම් සහිත ප‍්‍රවේශය ’’ඉතාම ඵලදායක වුණා.

සමාජය බලගැන්වීම

වියට්නාමය ඔවුන්ගේ අභිමානය ගැන තදින්ම විශ්වාසය තබන රාජ්‍යක්.1975 වසරේ ඇමරිකානු භටයන්ට එරෙහිව ලබා ගත් ජයග‍්‍රහණය සිහිගන්වමින් එරට අගමැති ‘‘ගුයෙන් සු උන් හුක්’’ කියා සිටියේ ‘‘දීර්ඝ යුද්ධයක වසන්තයට අරගලයට උරදෙන්න’’ යැයි ඉල්ලා සිටියා.වියට්නාමය එක් පක්ෂයක් සහිත රජයක්. විශාල මහජන ආරක්ෂක පද්ධතියකින් සමන්විත අතර ඔවුන් ස්වභාවික ආපදාවන්හිදී ඉහළ සිට පහළට කි‍්‍රයාත්මක වන රජයක්. මේ නිසාම වියට්නාමය යනු බලමුළු ගැන්විය හැකි සමාජයක් බැව් නිව් සවුත්වේල්ස්හි කැන්බරා විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ‘‘කාල් තේයර් ’’ සඳහන් කරයි.

බිබිසි පුවත් සේවයේ සංස්කාරක ජියැන්ග් ගුයෙන් සඳහන් කරන්නේ මේ තත්වය ආකෘතියක් විදිහට වෙනත් රටවලට ආදේශ කිරීමට නොහැකි තත්වයක්ද ඇති බවයි.

කොරෝනා ආසාදිත තත්වය නිසා නිරෝධායනය වෙනුවෙන් බියක් දක්වන ආසාදිතයන් පළා ගොස් සැඟවෙන්නට පටන් ගත්හ.

වෛරසය පාලනය කිරීම සඳහා ව්‍යාපාර වසා දැමීම එරට ආර්ථිකයට බලපෑම් එල්ල කරන ලද අතර ඇමරිකා එක්සත් ජනපදය,යුරෝපා සංගමය, සහ නැගෙනහිර ආසියාව අතර ගුවන් ගමන් අවලංගු කිරීම නිසා වියට්නාම් රජයට ඩොලර් මිලියන සිය ගණනක පාඩු සිදු වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More