දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට දින 21 කට පසුව කොවිඩ් 19 ෙෙවයිරසය ආසාදනය වී ඇත්දැයි සෙවීමට සිදුකරන පී.සී.ආර් පරීක්ෂණයට යොමුකිරීමට නියමිතව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
අලුතින් බන්ධනාගාර ගතකිරීමට නියම කෙරෙන සෑම සිරකරුවකුම පවතින වසංගත තත්ත්වය නිසා දින 21ක නිරෝධායනයට යොමුකරන බවත් අනතුරුව නියමිත බන්ධනාගාරයට යොමුකරන බවත් එම ප්‍රකශකයා වැඩිදුරටත් කීය. මේ අනූව රාජිත සේනාරත්න මහතා මීගමුව පල්ලන්සේන පිහිටි තරුණ වරදකරුවන් විශෝධන මධ්‍යස්ථානයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටී.
මේ අතර කොළඹ මහාධිකරණයෙන් ඇප අවලංගු කෙරුණු හිටපු අමාත්‍යවරයා වහාම රෝහල් ගතවීමේ සූදානමක පසුවන බවද ඔහුට සමීප ආරචිමාර්ග ප්‍රකාශ කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...