දේශීය පුවත්

කොරෝනා වසංගතය අවසන්ව මැතිවරණය පැවැත්වීමට තවත් වසරකට වැඩි කාලයක් ගතවන බැවින් නීති රාමුවට පමණක් කොටු නොවී සාමුහික එකඟතාවක් යටතේ විකල්ප ක්‍රමයන් ඔස්සේ මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විවෘත සංවාදයකට හෝ පොදු වැඩපිළිවෙළක් සකස් කර එය පක්ෂ ලේකම්වරුන්ගේ එකඟත්වයට යොමුකළ යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවැසීය.

එහිදී විකල්ප මැතිවරණ ප්‍රචාරක ක්‍රම, ලැබෙන පැමිණිලි විභාග කිරීම, ඡන්ද දායකයන් ආරක්ෂා වන ආකාරයට ඡන්ද මධ්‍යස්ථානයට ගෙන්වා ගැනීම ආදිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.

ප්‍රචාරක කටයුතුවලදී සමාජය ආරක්ෂා වන ආකාරයට විශාල ජනතා රැලි වෙනුවට සමාජ මාධ්‍යජාලා මගින්, ගෙන් ගෙට යාම, පෝස්ටර් ආදී විවිධ ක්‍රම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.

ඡන්ද දිනය කොටස්වලට කඩා වයස අනුව ඡන්ද ප්‍රකාශ කිරීම, ප්‍රකාශ කරන කාලය දීර්ඝ කිරීම, කාඩ්පත වෙනුවට ජාතික හැඳුනුම්පත භාවිත කිරීම, තවත් දිනයක් සඳහා යොමුවීම ආදිය එම විකල්ප ක්‍රම වේ.

ඊට අමතරව ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පක්ෂ නියෝජිතයන් ප්‍රමාණය අවම කරගැනීම, ඒ වෙනුවට ආරක්ෂිත කැමරා පද්ධතියක් මගින් නිරීක්ෂණය කිරීම ආදිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.

කෙසේ වෙතත් මැතිවරණයට සෘජුවම සම්බන්ධ වන රජයේ නිලධාරීන්ගේ හා පොලිස් නිලධාරීන්ගේ, දේශපාලන අපේක්ෂකයන්ගේ, ඡන්ද දායකයන්ගේ, නිරීක්ෂකයන්ගේ හා මාධ්‍යවේදීන්ගේ සෞඛ්‍යාරක්ෂාව මත පදනම්ව සියලු පක්ෂ ලේකම්වරුන් මෙම පොදු වැඩපිළිවෙළට අවතීර්ණ වීම වැදගත් බව රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More