දේශීය පුවත්

එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපතිවරයා සමග සිදුකළ සාකච්ඡාව සහ එහිදී ගනු ලැබූ තීරණ කුමක් ද යන්න ආණ්ඩුව වහා ජනතාවට හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

ආණ්ඩුව ඇමරිකානු තානාපතිවරයා සමග පහුගියදා සාකච්ඡාවක් සිදු කර ඇති බවත් එහිදී එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත් හෙතෙම කීවේය.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුව දරන වත්මන් ස්ථාවරය කුමක් ද යන්න ජනතාවට හෙළි කළ යුතු බවත් හෙතෙම පැවසීය.

මෙහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා මෙසේ ද කියා සිටියේය.

‘‘බලයට එන්න කලින් මේ ගිවිසුම රටට හතුරු නිසා මුළුමනින්ම කුණු බක්කියට දාන බව කිව්වා. නමුත් බලයට පත්වුණාට පස්සේ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා විසින්ම මේ ගැන සොයා බැලීම සඳහා වෙනම කමිටුවක් පත්කළා. ඒ කමිටුවෙන් වාර්තාවක් භාර දී තිබෙනවා. විවිධ ඇමතිවරුන්, විවිධ දේවල් තැන් තැන්වලදී කීවා මිස මේ ගිවිසුමට අදාළ ක‍්‍රියාවලිය තවම නතර කර නැහැ. ඇමරිකාවත් එක්ක අත්සන් කරන්න ලැහැස්ති වුණු මේ

ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ වත්මන් ස්ථාවරය ජනතාවට හෙළි කළ යුතුයි. ඇමරිකන් තානාපතිවරයා එක්ක සිදුකළ සාකච්ඡාවලදී මේ ගිවිසුම සම්බන්ධයෙන් ගන්නා ලද තීරණ රටේ ජනතාවට හෙළිදරව් කළ යුතුයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ ( 15 වැනිදා ) එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති පැවැති මාධ්‍ය හමුවකදීය.

Divaina

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More