දේශීය පුවත්

අද රාත්‍රී (16) 8 සිට එළැඹෙන සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් 12,000කට පමණ මේවන විට නඩු පවරා ඇති බවයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 23 සඳහා අද රාත්‍රී 8 ට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එළැඹෙන මැයි 18 සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වේ.

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල රාජකාරි කටයුතු මේ සතිය තුළ ක්‍රියාත්මක කෙරුණු ආකාරයෙන්ම එළැඹෙන මැයි 18 සඳුදා සිටද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඇඳිරි නීතිය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ රැඳී සිටි 400 දෙනෙකු යළි සිය ගම්බිම් කරා පිටත්කර හැරීම අද කළුතර දිස්ත්‍රික් පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුකෙරුණි.

මේ අතර පූර්ව දැනුවත් කිරීමකින් තොරව හැටන් තැපැල් කාර්යාලය   අද වසා තැබීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව ලබාගැනීම සඳහා අද උදෑසනම එහි පැමිණි වැඩිහිටි පිරිස් අසරණ වී සිටි අයුරුයි දැක ගත හැකි විය.

අදාළ දීමනාව හැටන් ප්‍රදේශයේ ප්‍රතිලාභීන් වෙත ලබාදීම ඊයේ දිනයේ සිට ආරම්භ වූ අතර තදබදය හේතුවෙන් ඊයේ දිනයේ එය ලබා නොගත් පිරිස් අද පැමිණ සිටියේය.

මේ පිළිබඳව කළ විමසීමකදී එහි තැපැල් කාර්යාල නිලධාරියෙකු සඳහන් කළේ පාලනාධිකාරිය විසින් ගනු ලැබූ තීරණයකට අනුව අද දිනයේ කාර්යාලය වසා දමා ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More