විදේශ පුවත්

වයස අවුරුදු සීයක් වන කාන්තාවක් කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ පුවතක් රූසියානු මාධ්‍ය වාර්තා කරයි. නමින් Pelageya Mikhailovna වන ඇය 2020 මැයි 13 වන දින තම සියවන ජන්ම දිනය සමරා ඇත.

ඇය රුසියානු ස්නායු තාක්ෂණ මධ්‍යස්ථානයේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිට ඇයගේ ජන්ම දිනය සැමරීමට රෝහලෙන් පිට වී ඇත. ඇය සමග එම රෝහල් වාට්ටුවේ ප්‍රතිකාර ගත් නේවාසික මිතුරිය හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුව හෙළි වී ඇත.

පසුව අවුරුදු සියයක් වයසැති මෙම කාන්තාව කොරෝනා රෝග ලක්ෂණ සහිතව නැවත රෝහලට ඇතුළත් වී ඇති අතර සාර්ථක ලෙස ප්‍රතිකාර නිම කිරීමෙන් අනතුරුව සම්පූර්ණ සුවය ලබා ඇත. COVID-19 ආසාදනය වී සුවය ලැබූ එම වයස් කාණ්ඩයේ පළමු රෝගියා මැය වන බව රුසියානු මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

මූලාශ්‍ර
news.mail.ru



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More