දේශීය පුවත්

මැතිවරණ කොමිසමේ සාමාජික කොමසාරිස්වරයෙකු වන රත්නජීවන් හූල් කොමිසමේ ස්වාධීනත්වය හා ගරුත්වයත්, මහජන විශ්වාසයත් බරපතළ ලෙස විනාශ කරමින් දේශපාලන පක්ෂයක් වන දෙමළ ජාතික සංවිධානයේ ප්‍රබල අපරාධ කරුවෙකු ලෙස යාපනය දිස්ත්‍රික්කය තුළ ඉතාමත් විවෘත හා ප්‍රසිද්ධියේම විවිධාකාර වූ දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදී සිටින බැවින් කොමිසමේ ගෞරවයත්, ස්වාධීනත්වයත් ආරක්ෂාවන පරිදි වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ඔහුට කොමිසම රැස්වී දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා ලිඛිත ඉල්ලීමක් සිදු කොට ඇත.

ලබන ජූලි මස 20 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහාද යාපනය දිස්ත්‍රික්කය වෙනුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා භාරදී සිටින අංගජන් රාමනාදන් හිටපු මන්ත්‍රීවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට යවන ලද එකී ලිපියට අමතරව මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතාගෙන් රුපියල් මිලියන 500ක (රුපියල් පනස් කෝටියක) වන්දි මුදලක් සති 02 ක් ඇතුළත තමාට ගෙවන ලෙස ඉල්ලා සිය නීතිඥවරයා මඟින් එන්තරවාසිය යවා ඇත්තේ ඉකුත් අප්‍රේල් මස 19 වැනිදා රත්නජිවන් හූල් මහතා විසින් යාපනයේ පවතක්වන ලද මාධ්‍ය හමුවකදී සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

දෙසතියක් තුළ එකී වන්දි මුදල් ගෙවීමහට ක්‍රියා නොකළහොත් අපහාස වන්දි නඩුකාරයෙක් මඟින් එකී වන්දි මුදල් අයකර ගැනීමට පියවර ගනු ලබන බවද එන්තරවාසිය මඟින් ඔහුට දැනුම් දී ඇත.

යාපනය දිස්ත්‍රික් හිපටු පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා සිය ලිපිය මඟින් මෙසේද ඔහුට චෝදනා කොට ඇත.

ස්වාධීන මැතිවරණ කොමිසමක් මඟින් නිතිය හා විශ්වාසයත්, යහපාලනයත්, ඡන්ද දායකයාගේ පූර්ණ ගෞරවය පෙරදැරි විශ්වාසනීයත්වයත් ආරක්ෂා විය යුතුව තිබියදී එහි සාමාජිකයෙකුව සිටිමින් යාපනය නල්ලූර්හි චෙන්නායි පාරේ පිහිටි සිය නිවාස ස්ථානයේ පමණක් නොව විවෘතවම ඉන් පිටදීත් ප්‍රසිද්ධියේම දෙමළ ජාතික සංවිධානය නම් වූ දේශපාලන පක්ෂයේ ප්‍රබල අපරාධකරුවෙකු ලෙස ක්‍රියා කිරීමෙන් එම පක්ෂයට ප්‍රතිපාක්ෂිකයන් හට විවිධාකාර බලපෑම් හා හිරිහැරත් අකටයුතුකමුත් කරමින් සිටින අතරතුර ප්‍රතිපාක්ෂිකයින්ට එරෙහිව අභූත චෝදනා මැතිවරණ කොමිසම හමුවට ඉදිරිපත් කිරීමත් සම්බන්ධයෙන් රාමනාදන් හිටපු මන්ත්‍රීවරයා රත්නජිවන් හූල් කොමසාරිස්වරයාට බරපතළ ලෙස චෝදනා කොට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More