දේශීය පුවත්

ස්වාධින පොලිස් කොමිෂන් සභාව විසින් කරන ලද ඇතැම් මාරුවීම් අවලංගු කරන ලෙස ව්‍යවස්ථාදායක සභාවේ සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය මහතා තමන්ට බලපෑම් කළ බව එම කොමිසමේ සභාපති කේ.ඩබ්ලිව්.ඊ කරලියද්ද මහතා කොමිසමේ සාමාජිකයන් හමුවේ පසුගිය බ්‍රහස්පතින්දා (14දා) පවසා තිබේ.

ඊට අමතරව එක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට වැටුප් වර්ධකයක් ලබා දෙන ලෙසද ජයසූරිය මහතා තමනට බලපෑම් කළ බවද ඔහු එහිදී සඳහන් කර ඇත.

මේ ආකාරයට ස්වාධීන කොමිෂන් සභාවකට බලපෑම් කරන්නට කරූ ජයසූරිය මහතාට ඇත්තේ කවර බලයක් දැයි යන්න දැඩි ප්‍රශ්නාර්ථයකට තුඩු දෙන්නක් වී ඇතැයිද තතුදත් ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම ජයසූරිය මහතාගේ බලපෑම්වලට ස්වාධීන පොලිස් කොමිසමේ සභාපතිවරයා අවනතව ක්‍රියා කරන්නේ නම් එම කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ඇත්තේ කොහි දැයි එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

ස්වාධීන කොමිෂන් සභාවලට මේ ආකාරයෙන් එල්ල වන බලපෑම් වලට ඒවායේ ප්‍රධානීන් අවනතව ක්‍රියා කරන්නේ ඒ පිළිබඳව දැඩි පියවර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු විය යුතු බව ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

Mawbima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More