පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ජාත්‍යන්තර නීතිවේදින්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනය ශ‍්‍රී ලංකා රජයට බලපෑම් කර තිබේ.
හිජාස් හිස්බුල්ලාට නීතීඥ සහාය ලබාගැනීම අවශ්‍ය පහසුකම් සලසන ලෙස මෙම ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනය රජයෙන් ඉල්ලීම් කර තිබේ.
නව කොරෝනා වසංගතය හමුවේ ලංකාවේ මුස්ලිම්වරුන්ට පීඩා ඇතිව තිබෙන බව මොවුන් ප‍්‍රකාශ කර තිබේ.
කෙසේ නමුත් අත්අඩංගුවේ සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් කිසිඳු මැදිහත්වීමක් නොකරන ලෙස නීතීඥවරුන් 216 දෙනකු ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ. ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයෙ සභාපති කාලිංග ඉන්දතිස්ස මහතා වෙත යොමු කෙරුණු ලිපියට ජනාධිපති නීතීඥවරුන් 7 දෙනකුගේ අත්සන් ඇතුළත්ව තිබිණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...