කොරෝනා අවදානම හේතුවෙන් හුදෙකලා කර තිබූ දිවයිනේ ප‍්‍රදේශ සහ ගම්මාන 38ක් මේ වන විට මුළුමනින්ම විවෘත කර ඇතැයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එසේම, මෙම අවදානම හේතුවෙන් අවදානම හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් හුදෙකලා කර තිබූ කොළඹ, බණ්ඩාරනායක මාවත සහ ජා ඇල සුදුවැල්ල ප‍්‍රදේශය ඊයේ (15 වැනිදා) යළි විවෘත කළ බවද යුද හමුදාපතිවරයා කීවේය.
ඒ අනුව මෙතැන් සිට දිවයිනේ කිසිඳු හුදෙකලා ප‍්‍රදේශයක් නැතැයි ද හෙතෙම කියා සිටියේය.
මීට පෙර හුදෙකලා කර නැවත විවෘත කර ඇති ප‍්‍රදේශ සහ ගම්මාන අතර, කුරුඳුවත්ත, ටොරින්ටන් හැටේ වත්ත, නාරාහේන්පිට, දාබරේ මාවත, තොටළඟ, නාගලගම් වීදිය, මරදාන, ඉමාමුල් අරුස් මාවත, ඩිවෝස් පාර, වන්නි කුඩාවැව, පොළොන්නරුව, සෝමපුර, අභයපුර, ලංකාපුර, බුද්ධරත්නගම, නීලපුර, අල්හිරාල් පුර, සංඝබෝධි ගම, රත්නපුර, පැල්මඩුල්ල, මන්නාරම තාරකුලම්, අක්කර පනහ, තෙප්පන්කුලම්, පහලගම, රත්මල් යාය, අත්තවිල්ලූව, කඩනියන්කුලම්, බේරුවල, චීන කොටුව, බණ්ඩාරගම අටලූගම, මහනුවර අකුරණ, අක්කරෙයිපත්තුව ඇතුළු තවත් ප‍්‍රදේශය හා ගම්මාන වෙයි.
තවදුරටත් කතා කළ යුද හමුදාපතිවරයා මෙසේද කීවේය.
”කොවිඞ් 19 පරාජය කරන්න ජනතාවගේ සහාය තවදුරටත් අවශ්‍යමයි. විවිධ අපහසුකම් මැද රටේ ජනතාව විශාල සහයෝගයක් ලබා දුන්නා කොරෝනා මර්දනය කරන්න. මොන අපහසුකම් තිබුණත් ඉදිරි සති දෙක තුළත් අපිට මහජන සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
වීරෝදාර නාවික හමුදා රණවිරුවන්ට සිදුවුණු අවාසනාවන්ත සිද්ධිය හැරෙන්නට දැන් රෝගීන් සමාජය තුළින් හමුවෙනවා අඩුයි. කොහොම වුණත් වීරෝදාර නාවික හමුදා රණවිරුවන් හුඟදෙනෙක් සුවය ලබලා ඉවරයි.”

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...