චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින කොරෝනා වසංගතයට සාර්ථකව ප්‍රතිකාර කිරීම සඳහා සිව්වන වතාවටත් වෛද්‍ය ආධාර තොගයක් රැගෙන තවත් ගුවන් යානයක් අද(15)සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම වෛද්‍ය ආධාර තොගය අද සවස 6.20 ට චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ- 231 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි.
මෙහි වෛද්‍ය ආධාර අතර ආරක්ෂිත මුඛ ආවරණ සහ හදිසි ප්‍රතිකාර සඳහා යොදා ගනු ලබන ඖෂධ මෙන්ම උපකරණ ඇතුළත් කිලෝ ග්‍රෑම් 9,680 ක් බර ඇසුරුම් 1006 ක් මෙම ගුවන් යානයෙන් රැගෙන විත් තිබේ.
මෙම වෛද්‍ය ආධාර තොගය කටුනායක ගුවන් තොටුපළ ගුවන් බඩු ගම්මානය තුළ ගොඩ බානු ලැබූ අතර හෙට(16) දිනයේ මෙම ආධාර තොගය ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මඟින් ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට නියමිත බව, චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...