දේශීය පුවත්

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වෙමින් බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය මේ වන විටත් සැලසුම් සකස් කර තිබේ.

ඒ අනුව ජූලි මස අවසානයේදී විදෙස් සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව විවෘත කිරිමට අපේක්ෂා කරන බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මෙනවිය සඳහන් කළේය.

සුන්දර වෙරළ තීර, ඵෙතිහාසික උරුමයන්, වනජීවි, ආයුර්වේද ඇතුළු තවත් සංචාරක ආකර්ශනයන් රැසකට හිමිකම් කියන ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක්.

2009 වසරේ යුධමය වාතාවරණයෙන් පසු කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීම 2018 වසර වන විට මිලියන 2 ඉක්මවනු ලැබුවේය.

එලෙස මෙරට ආර්ථිකය සවිමත් කරමින් වර්ධනය වූ සංචාරක කර්මාන්තයට ඉකුත් වසරේ පාස්කු ප්‍රහාරයත් සමග එල්ල වූයේ දැඩි බලපෑමක්.

2018 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 4380 දශම 6 ක ආදායමකට හිමිකම් කියූ සංචාරකයින් කර්මාන්තය 2019 වසරේදී ලබාගන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 3600 ක ආදායමක් පමණයි.

නමුත් කොවිඩ් 19 වසංගත තත්වයත් සමග කටුනායක ගුවන් තොටුපල හරහා මෙරටට පැමිණෙන මගීන් සීමා කිරීම හා වසා දැමීමත් සමග අප්‍රේල් හා මැයි මාස වල මැයි මාස වල කිසිදු සංචාරකයෙක් මෙරටට පැමිණ නැත.

මෙරට සංචාරක සිත් දිනාගත් ප්‍රමුඛ පෙලේ ගමනාන්ත වල අද දක්නට ලැබෙන පාළු ස්වභාවයක්.

මෙලෙස අඩපණ වූ සංචාරක කර්මාන්තයේ නියැලුනු පිරිස් මේ වන විටත් අභියෝග රුසකට මුහුණ දී සිටියි.

සංචාරක කර්මාන්තයේ ඍජු ආදායම්ලාභීන්ට මෙන්ම වක්‍ර ආදායම්ලාභීන්ට ද කොවිඩ් වසංගතය එළෙස බලපා තිබේ.

සංචාරක කර්මාන්තයෙන් යළි මෙරට ආර්ථිකට සක්‍රිය දායකත්වයක් ලබා දෙමින් විදෙස් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම අප හමුවේ ඇති අභියෝගයක්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More