දේශීය පුවත්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් ලබාදී ඇති ස්ථාන මාරුව මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන්නක් බැවින් එම ස්ථාන මාරුව අවලංගු කිරීමේ නියෝගයක් මැතිවරණ කොමිසන් සභාවේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.

මැතිවරණ කොමිසමේ ලේකම් හේ.මු.නි.දි.හේරත් මහතා විසින්  අදාළ නියෝගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දන්වා යවා ඇත.

වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට ලබාදී ඇති ස්ථාන මාරුව සිදු කර ඇත්තේ මැතිවරණ කාල සීමාවක් තුළ බැවින් සහ මැතිවරණ කොමිසමේ චක්‍රලේඛ වලට පටහැනිව බැවින් මැතිවරණ කාලසීමාව නිමවන තෙක් එම ස්ථාන මාරුව අත්හිටුවීමට කටයුතු කර ඒ බව මැතිවරණ කොමිසන් සභාව වෙත වාර්තා කරන ලෙස මැතිවරණ කොමිසමේ ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නියම කර ඇත .

කොවිඩ් 19 වසංගතය මර්ධනය කිරීම සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ ක්‍රමවත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකරන බවට කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පසුගිය 6 වන දින සිට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කර තිබේ .

වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා එම ස්ථාන මාරුව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය 12 වන දින නැවත වරක් අදාළ ස්ථාන මාරුව පිළිගන්නා ලෙස වෛද්‍ය වීරබණ්ඩාර මහතාට දන්වා එවා තිබුණි .

එම ස්ථාන මාරුව පිළි නොගත් රෝහල් අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මැතිවරණ කොමිසන් සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කරන ලද ස්ථාන මාරුව අවලංගු කර තිබේ .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More