දේශීය පුවත්

මත්පැන්හල් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශන පිළිපැදීම් සිදු නොවන වෙනත් ස්ථාන ආශ්‍රිතව කොවිඩ්-19 වෛරස ආශ්‍රිතයන් හමුවුවහොත්​ කොවිඩ් මර්දනයට මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නැවත ආරම්භය දක්වාම ගෙන යෑමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

ඔහු පවසන්නේ මත්පැන්හල් ආශ්‍රිතව දැකගත හැකි වූ ජනතාව රොක්වීම් හේතුවෙන් ආසාදිතයකු වාර්තා වුවහොත් එම ආසාදිතයා හරහා රෝගය ව්‍යාප්ත වන ආකාරය සහ රෝගීන් පොකුරු වශයෙන් මතුවිය හැකි ස්ථාන හඳුනා ගැනීම දැඩි සේ අසීරු වන බවයි.

‘‘මේ මත්පැන්හල් ආශ්‍රිතව රෝගියෙක් මතුවුවහොත් අපිට නැවත මුලටම යන්න වෙනවා. එහිදී ඔහුගේ ස්පර්ශකයන් සෙවීම විශාල පිරිසක් අතර සිදුවන විට ඒ අය විවිධ ස්ථානවලට විසිරී ගියහම ඉතාම අමාරු වෙනවා. ඒ එකතු වෙන සෙනඟ අතර විෂබීජය තිබිලා කිහිප දෙනකුට ඇවිත් ඒ අය තමන්ගේ නිවාසවල ආශ්‍රය කරන අය වෙත ගියහම අවසාන වශයෙන් පොකුරු විදිහට මතුවුණහම තමයි අපිට හමුවන්නේ.

මීට ඉස්සෙල්ලා අපි මේ සියලු කටයුතු කළේ සමාජ දුරස්ථ භාවය, ඇඳිරි නීති තත්ත්වය යටතේ. එම තත්ත්වයන් යටතේ එක්රැස් වන පිරිස් කොහොමත් අඩුයි. නමුත් මේ විදිහට ගියොත් ඒ තත්ත්වය අපෙන් ගිලිහී යන්න පුළුවන්’’ යැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More