දේශීය පුවත්

රජය නිවැරදි ප‍්‍රතිපත්තිමය තීරණයක් ගත් විට සියලූම රාජ්‍ය ආයතන එම ප‍්‍රතිපත්ති අනුව වැඩ කළ යුතු බවත්, නිවැරදි දේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරියා රටට බරක් වන බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වැවිලි හා කර්මාන්ත අංශයට අයත් ආයතන ප‍්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

රාජ්‍ය නිලධාරියාගේ වගකීම ප‍්‍රශ්න විසඳීම මිස පැහැර හැරීම නොවන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප‍්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

වැවිලි හා කර්මාන්ත ක්ෂේත‍්‍රයට අදාළව දීර්ඝ කාලයක් පැවති ගැටළු නිරාකරණය සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබුණි. රජයේ සහ අනුබද්ධ ආයතනවල පවතින ගැටළු නීති මාර්ගයට නොගොස් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

රාජ්‍ය දැව සංස්ථාව සහ රාජ්‍ය වැවිලි සමාගම අතර දීර්ඝ කාලයක් පැවති නීතිමය ගැටළු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.

මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට රාජ්‍ය ආයතන පවත්වා ගත යුතු බවත් ඒ සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේදී දීර්ඝ කාලයක් ගත යුතු නැති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More